ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නෂීඩ් ශ්‍රී ලංකාවේ: 'ආණ්ඩුවෙන් පහසුකම් නෑ'
දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් කිසිදු විශේෂ පහසුකමක් සපයා දී නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටින හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනේ විරුද්ධ පක්ෂ සන්ධානයේ සාකච්ඡාවකට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ශ්‍රී ලංකාවට ලඟා වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයකු ලෙසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ පහසුකම් සැලසීම හැරුණු විට ඔහුට වෙනත් කිසිදු විශේෂ අනුග්‍රහයක් ලබා නොදුන් බවයි, විදේශ අමාත්‍යංශ බලධාරීන් බීබීසී සංදේශයට කියා සිටියේ.
හිටපු ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂාව ඇතුළු පහසුකම් සපයන මෙන් කෙරුණු ඉල්ලීමක් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවට පැමිණ විරුද්ධ පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතවීම පිළිබඳව මාලදියින් ආණ්ඩුවත් මෙතෙක් ප්‍රතිචාරයක් පළ කර නැත.
මාලදිවයිනේ බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපතිවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගතවීමට අවසර ලබාගැනීම පිණිස විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ මුදල් අමාත්‍ය රවි කරුණානායකද මැදිහත්වූහ.