ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රතුපස්වල ප්‍රහාරයට වසර තුනයි
මීට වසර තුනකට ඉහත දී පානීය ජලය ඉල්ලා පැවති විරෝධතාවයකදී හමුදා වෙඩි තැබීමෙන් මියගිය පිරිස අනුස්මරණය කිරීම සහ ප්‍රහාරයේදී තුවාල ලැබූවන් වෙනුවෙන් රතුපස්වල විහාරස්ථානයේ දී ආශීර්වාද පූජාවක් පැවැත්විණ.
ආණ්ඩුවේ හමුදා සාමාන්‍ය ජනයා වෙත පහර දුන් ආකාරය සිහි වන විට දැඩි කණගාටුවක් දැනෙන බව එහිදී අදහස් දැක්වූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.
වසර විස්සකට ආසන්න කාලයක් රජයේ සහාය ඇතිව පවත්වා ගෙන ගිය අත්වැසුම් කර්මාන්ත ශාලාවක් හේතුවෙන් ප්‍රදේශයේ ජලය දූෂණය වූ බව රතුපස්වල ජනතාවගේ චෝදනාව විය.
බීමට පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ ජනතාවට වෙඩි තැබූ එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි පිරිස් ආණ්ඩු බලය ඉල්ලා රතුපස්වලින් ගමන් කිරීම හාස්‍යජනක බවත් සිරිධම්ම හිමියෝ සඳහන් කළහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වීමට රතුපස්වල වෙඩි තැබීම ප්‍රධාන වශයෙන් බලපෑ බව එහිදී අදහස් දැක්වූ සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටියේය.