වන සතුන් දඩයම: සැකකරුවන් අත්අඩංගුවට

සමාජ ජාල තුළ පළ වූ මරා දමන ලද වන සතුන් දැක්වෙන ඡායාරූපවල පෙනී සිටි පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් මහනුවර නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව වල් ඌරන්, වැලිමුවන්, ඉත්තෑවන් ඇතුළු වන සතුන් දඩයම් කොට ඇති බවයි වාර්තා වන්නේ.

ඉහත කී සැකකරුවන් විසින් දඩයම් කරන ලද බවට විශ්වාස කෙරෙන සතුන් සහ ඒ සඳහා යොදා ගත් ගිනි අවි ඇතුළත් ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය.

පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.