ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උඩුවේ හිමියන්ට අධිකරණයෙන් අවවාද
කොළඹ මහාධිකරණය අද උඩුවේ ධම්මාලෝක හිමියන්ට නියෝගයක් කරමින් කියා සිටියේ බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ චෝදනා මත පවරා ඇති නඩුවට හානිකර විය හැකි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගිමේ චෝදනාව සමබන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා පත්‍ර භාර දුන් අතර ඊට පිළිතුරු දෙමින් උන් වහන්සේ ප්‍රකාශ කළේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි.
ඉන් පසුව රුපියල් මිලියන විස්සක ශරීර ඇප මත විත්තිකාර ධම්මාලෝක හිමියන් මුදාහල අධිකරණය උන් වහන්සේගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.
උන් වහන්සේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමටද අධිකරණය නියෝගයක් නිකුත් කළ අතර නඩු විභාගය අවසන් වීමෙන් පසුව උඩුවේ ධම්මාලෝක හිමියෝ මාධ්‍යවලට අදහස් පළ කළහ.
'මේ චෝදනා පිටුපස කිසියම් දේශපාලන මුහුණුවරක් තිබෙනවා. ඒ පිළිබඳත් තොරතුරු මෙම නඩු කටයුතු නිරාකරණය කරගත් පසුව හෙළි කිරීමට මා බලාපොරොත්තු වෙනවා.' ධම්මාලෝක හිමියෝ මාධ්‍ය අමතමින් පැවසුහ.
නඩු විභාගය අගෝස්තු මස දෙවෙනිදා සහ තුන්වෙනිදා පැවැත්වීමට අධිකරණය විසින් දින නියම කරනු ලැබීය.