ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සත්ව බිලි පූජා 'නතර කෙරෙන පනතක්'
සත්ව බිලි පූජා නැවැත්වීම සඳහා ගෙන ඒමට නියමිත පනත හින්දු කෝවිල් සඳහා පමණක් බලපැවැත්වෙන බව හින්දු කටයුතු සහ පුනරුත්තාපන අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.
'මේ නීතිය හින්දු කෝවිල්වලට පමණයි, වෙනත් ආගම් සඳහා බලාත්මක නැහැ' අමාත්‍යවරයා කියා සිටියේ සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
මාසයක් ඇතුළත අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සත්ව බිලි පූජා නැවැත්වීම සඳහා නීති ගෙන ඒමට කිසිවකුගෙන් බලපෑමක් එල්ල නොවූ බවත් අමත්‍යවරයා කියා සිටියේය.
'මේ සඳහා විරෝධතාවක් ඇත්නම් ඒ අයට පුළුවන් අදාළ කාරණා පිළිබඳ අමාත්‍යංශයට දැනුම් දෙන්න. ඒ යෝජනා පිළිබඳ අවධානය යොමු කොට සාකච්ඡා කරලා අපට අවසාන තීරණයකට එන්න පුළුවන්' ඔහු පැවසීය.
සතුන්ගේ දිවි තොර නොකොට පූජා පැවැත්වීමේ වෙනත් විකල්ප ක්‍රමවේදයන් තිබෙන බවත් හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් වැඩිදුරටත් කියා සිටියේය.