ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනය ‘සයිබර්’ යුද්ධයට සැරසෙයි
2020 වසර වන විට 'සයිබර්' යුදමය තත්වයකට (cyber warfare) මුහුණ දිය හැකි මට්ටමින් සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීමේ පස් අවුරුදු සැලැස්මක් චීනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
චීන මධ්‍යම යුද කොමිසම් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එම සැලසුම මගින් කියැවෙන්නේ මහජන විමුක්ති හමුදාව ලෝකයේ වඩාත් ප්‍රබලතම සන්නද්ධ බලකායක තත්වයට පරිවර්තනය කරන බවයි.
චීන මහජන විමුක්ති හමුදාව වත්මන් ලෝකයේ සංඛ්‍යාත්මකව මට්ටමින් ගත් විට විශාලතම යුද හමුදාව වෙයි.
එම භටයන් ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මක මට්ටමින් අඩු කොට නවීන අවි ආයුධ වලින් සන්නද්ධ කරමින් මහජන විමුක්ති හමුදාවේ ප්‍රහාරාත්මක ශක්තිය නංවාලීමයි චීන නායකත්වයේ උවමනාව වී තිබෙන්නේ.
සිය නාවික සහ ගුවන් හමුදාවන්හි සම්පත් නංවාලීම කෙරෙහි ද බේජිං පාලනය අවධානය යොමු කරයි.
එවැනි පියවරක් ගනු ලබන්නේ නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් චීනය අවට රටවල් සමඟ ගැටුම්කාරී තත්වයකට යාමත් සමඟයි.
බේජිං පාලනය නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ ඇති දූපත් කීපයක අයිතිය මුල්කර ගනිමින් ජපානය වියට්නාමය සහ පිලිපීනය වැනි අවට රටවල් සමඟ ගැටුම්කාරී තත්වයකට ගොස් ඇත.