ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැසිල් ඇප මත නිදහස්
කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආර්ථික සංවර්ධන කටයුතු භාර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇප මත නිදහස් කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබුණ හිටපු ඇමතිවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මාතර නගරය ආසන්නයේ සිදු කර ඇති බව පැවසෙන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙනි මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
එම ඉඩම මිළ දී ගැනීම සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශ කර නැති බවට චෝදනා කරමින් හිටපු ඇමතිවරයාට එරෙහිව නඩුකරයක් පවතී.