ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විමල් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත
ඉහළ නංවන ලද වැට් බද්ද අයකිරිම වළක්වාලමින් ආණ්ඩුව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය පෙත්සම මගින් කියා සිටින්නේ වැට් බදු වැඩි කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය බවයි.
එහෙත් මුදල් අමාත්‍යවරයා 'අදාළ පනත් සංශෝධනය නොකොට සිය අභිමතය පරිදි අත්තනෝමතික ලෙස වැට් බද්ද ඉහළදැමීම නීතියට පටහැණි ක්‍රියාවක් ලෙස' පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් හඳුන්වනු ලබයි.
ඉහත කී ''නීති විරෝධී ක්‍රියාව'' පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශ කරන තෙක් වැඩි කරන ලද වැට් බද්ද අය කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.