පොලිස්පති ධුරය සඳහා පූජිත් ජයසුන්දර නිර්දේශ කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Pujith Jayasundara
ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම නිර්දේශ කරනු ලැබ ඇත.
අදාළ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යවා තිබේ.
ඒ අනුව ජනපතිවරයාගේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකාවේ තිස් හතර වන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පත් කෙරෙනු ඇති බව අපේක්ෂා කෙරේ.
හිටපු පොලිස්පති එන්කේ ඉලංගකෝන් විශ්‍රාම යෑම නිසා පුරප්පාඩු වූ එම තනතුර සඳහා ව්‍යවස්ථා සභාව වෙත නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකුගේ නම් යෝජනා වී තිබිණ.
එස්එම් වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර සහ චන්දන වික්‍රමරත්න යන නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ අතර වූහ.




