WT20:ලෝක ශූරයෝ ලෝක කුසලානයෙන් ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty
ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) පැවති තරඟයෙන් තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු එකසිය හැත්තෑ එකක් රැස් කළහ.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝස් බට්ලර් නොදැවී ලකුණු හැටහයක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කඩුලු දෙකක් දවාලීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
ලකුණු එකසිය හැත්තෑ දෙකක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක යෙදුනු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු හැත්තෑ තුනක් රැස් කළේය.
නියමිත පන්දු ඕවර විස්ස අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු අටක් දැවී ගොස් තිබූ අතර එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ජෝඩන් කඩුලු හතරක් දවා ලීමට සමත් විය.
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක පළමු වටයේදීම ශ්‍රී ලංකාව ඉවත් වූ පළමු අවස්ථාව මෙයයි.








