අසිසීසී ක්‍රිකට් සම්මාන 2018: කුමාර් ධර්මසේන හොඳ ම විනිසුරු

Kumar Dharmasena/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Kumar Dharmasena/Facebook

2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳ ම විනිසුරුට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සමත්වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2018 වසරේ ක්‍රිකට් සම්මාන දිනා ගත් ක්‍රීඩකයන් හා විනිසුරුවරයා අඟහරුවාදා (22) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, 2018 වසරේ හොඳ ම විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මින් පෙර 2012 වසරේ ද කුමාර් ධර්මසේන මෙම සම්මානය දිනා ගත් අතර ඒ අනුව ඔහු හොඳ ම විනිසුරු සම්මානය දිනා ගත් දෙවන අවස්ථාව මෙය වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කණ්ඩායම් නායකයන් සහ තරග තීරකවරුන් විසින් ජන්දයකින් හොඳ ම විනිසුරු තෝරාගනු ලැබේ.

ඒ අනුව ලෝක ක්‍රිකට් නායකයන්ගේ සහ තරග තීරකවරුන්ගේ වැඩි ම කැමැත්ත හිමිව තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනටයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කියවන්න.

"මම පළමුව මේ සම්මානය දිනාගෙන වසර 6කට පසු නැවත මෙම සම්මානය ලැබුණා, මෙය මා කැමති රාජකාරිය තවදුරටත් සතුටින් කරගෙන යන්න මාව දිරිමත් කරාවි," සම්මානය ගැන කුමාර් ධර්මසේන ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට පවසා තිබිණි.

1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකු වූ කුමාර් ධර්මසේන, ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසු ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස සේවයට එක්විය.

මෙම සම්මානයට අමතරව ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින පිටියේ 2018 වසරේ කණ්ඩායම නම් කිරීම ද අඟහරුවාදා සිදුවිය.

එක්දින කණ්ඩායමේ ශ්‍රී ලංකා නියෝජනයක් නොතිබූ නමුත් ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස තෝරාගෙන තිබුණේ, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නයි.

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි 2018 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා සහ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන තුන ම දිනා ගැනීම වැදගත් සිදුවීමක් විය.