ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2018 ශීත ඔලිම්පික් රුසියාවට තහනම්
2018 වසරේ දී දකුණු කොරියාවේ ප්යොංචැන්ග්හි පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් (Winter Olympics)තරගාවලියෙන් රුසියාව ඉවත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීන්දු කර තිබේ.
අදාළ තීන්දුවට එළෙඹ ඇත්තේ 2014 වසරේ සෝචි ශීත ඔලිම්පික් උළෙලේදී රුසියානු රජයේ අනුග්‍රහය ඇතිව එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක ලබා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුවය.
කෙසේ නමුත් තම නිර්දෝෂීභාවය සනාථ කල හැකි රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තරග කිරීමට ඉඩ ලබා දෙනු ඇත.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් දෙන ලද අදාළ තීන්දුව රුසියාව දැඩි ලෙස හෙලා දකියි.
රුසියාවේ ඇතැම් දේශපාලනඥයන්ගේ මතය වී ඇත්තේ ශීත ඔලිම්පික් තරගාවලිය වර්ජනය කළ යුතු බවය.
නමුත් නිර්දෝෂීභාවය සනාථ කළ හැකි ක්‍රීඩිකා ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සහභාගීවීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සෙසු බලධාරීහු එකඟත්වය පළ කරති.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් ඇතුළු මණ්ඩලය විසින් අඟහරුවාදා (දෙසැ 05) අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මාස 17 පුරා පැවති විමර්ශනවල ප්‍රතිඵල සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුවය.
රුසියානු ඔලිම්පික් කමිටුව තහනමට ලක් කරනු ලැබ ඇතිමුත් නිර්දෝෂීභාවය සනාථ කළ හැකි ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට "රුසියාවේ ඔලිම්පික් මළල ක්‍රීඩකයන්" නමින් වෙනම කණ්ඩායමක් වශයෙන් තරග කිරීමට ආරාධනා කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පැවසීය.
සබැඳි යොමු: