ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: කාන්තා ජගත් කුසලානය එංගලන්තයට
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලෝඩ්ස් පිටියේ පැවැත්වුන කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට මින් මොහොතකට පෙර එංගලන්ත කණ්ඩායම සමත්විය.
මෙවර තරගාවලියේ සත්කාරක එංගලන්තය කාන්තා ලෝක කුසලානය හිමිකරගත් සිව් වෙනි වතාව මෙයයි.
කෙසේ නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගැනීමේ අවස්ථාව දෙවැනි වරටත් ඉන්දියාවට අහිමි විය.
සබැඳි යොමු:
- කාන්තා ක්‍රිකට්: අවසාන තරගය ලෝඩ්ස් පිටියේ
- ක්‍රිකට්: කාන්තා ජගත් කුසලානය ගැන මේ කරුණු දැන සිටියාද?
- 'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි
- කුමාර් සංගක්කාර සමග සජීවී සාකච්ඡාව (වීඩියෝ)
- ක්‍රිකට් අනාගතය, චාලි ඔස්ටින්, ලෝක කුසලානය සහ අර්ජුන ගැන සංගක්කාර
- චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 228 ක් රැස් කරගත්තේය.
එයට ප්‍රතිචාර වශයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම මුලින් ඉතා දක්ෂ පිතිහරඹයක යෙදෙමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 191 ක් රැස් කරගත්තේය. ඉන්දියාව ශීඝ්‍රයෙන් ජයග්‍රහණය හඹා යමින් සිටින අආකාරයක් ඒ අවස්ථාවේ දක්නට ලැබුණි.
එහෙත් ඉන් අනතුරුව ඕවර කිහිපයක් ඇතුළත ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු හතම දවාගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 9 කින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය.
1973 දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව මෙවර අවසාන මහා තරයකට මුහුණ දුන්නේ දෙවෙනි වතාවටය. 2005 දී අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඒ අවස්ථාවේදීත් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට ඉන්දීය කාන්තා පිල අපොහොසත් විය.
මීට ඉහතදී තරගාවලියට අනුග්‍රහය දැක්වූ අවස්ථා දෙකේදීම - 1973 දී සහ 1993 දී - සහ 2009 දී ජගත් කුසලානය දිනාගැනීමට එංගලන්ත කාන්තාවෝ සමත්වූහ.
මේ අතර මෙවර ලෝක කුසලානයේදී තරග හයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූයේ පකිස්තානයට එරෙහිව ලෙස්ටර් පිටියේ පැවති තරගය පමණි.
එහෙත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 178 ක් රැස් කරමින් චමරි අතපත්තු ලෝක ශූරතාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය.