ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රතුපස්වල වෙඩිතැබීම: හමුදා නිලධාරීන් අත්අඩංගුවේ
පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරියේ, රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.
පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබූ මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
පිරිසිදු පානීය ජල අයිතිය ඉල්ලා දියත්කෙරුණු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර තිදෙනෙකු මරණයට පත්විය.
එය 'සාපරාධී ක්‍රියාවක්' බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.
අත් වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් 2013 අගෝස්තු පළමු වෙනි දින උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව විසුරුවාහැරීමට යුද හමුදාව මැදිහත්වීමේදී වෙඩි ප්‍රහාර ද එල්ල කෙරිණ.