ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සියවැනි තරගය: බංග්ලාදේශය ජයපැන් බොති
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් විය.
අද (මාර්තු 19) කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු හතරක ජයක් වාර්තා කළහ.
2000 වසරේ ටෙස්ට් වරම් ලබා ගත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙයයි.
මෙම තරගය බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සියවැනි ටෙස්ට් තරගය වීමත් විශේෂත්වයකි.
'නරකම දිනය'
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රීඩා වාර්තාකරු රෙක්ස් ක්ලේමන්ටයින් විසින් ශ්‍රී ලංකාවේ පරාජය හඳුන්වනු ලැබුවේ 'ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නරකම දිනය' ලෙසය.
පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 338 රැස් කළ අතර එම ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි.
දෙවන ඉනිම සඳහා පිටියට බට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 319 කට දැවී ගිය අතර බංගලාදේශ ක්‍රීඩකයෝ කඩුලු හයකට ලකුණු 197 ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ.