ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ආරම්භයේ අපහසු වුනා"
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වදින වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භයේදී අපහසු කාර්යයක් වූ බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් පුහුණු කරවන තිලාන් සමරවීර පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකුවන තිලාන් සමරවීර ඒ බව කියා සිටියේ හෙට (මාර්තු 15) ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට පෙර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
"අවංකව කතා කරනවානම්, ලංකාවට ආවට පස්සේ මුල් දින හත ඉතා අපහසු වුනා. ඉන් පසු තරගාවලිය ආරම්භාවුනාට පස්සේ එය ඉතා හොඳින් දරා ගත්තා" යනුවෙන් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තිලාන් සමරවීර ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 81 කි.
2013 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට ලකුණු48 ක සාමාන්‍යයක් සටහන් කර තිබූ ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ටෙස්ට් පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැක.
ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳ තිලාන් සමරවීර පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.