ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වමත් විරුවා රංගනගේ මීළඟ ඉලක්කය?
ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගත් වමත් දඟපන්දු යවන්නා බවට පත්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් අද (මාර්තු 11) වාර්තා පොතට එක්විය.
ඔහු එම වාර්තාව තැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ කඩුලු තුනක් දවා ගැනීමත් සමගය.
ලෝකයේ සාර්ථකම සහ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා වීමේ වාර්තාවට මෙතෙක් හිමිකම් කියන ලද්දේ නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි විසිනි.
තමා ලද ජයග්‍රහණය සහ ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිළිබඳව රංගන හේරත් බීබීසී සිංහල සේවයට පළකළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.