ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රංගන ලෝක වාර්තාවක් අභියස
ලොව සාර්ථක සහ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත්ට අවශ්‍ය ව තිබෙන්නේ තවත් කඩුලු තුනක් පමණි.
මේවන විට ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේ බංගලාදේශ පළමු ඉනිමේ දී දවාගත් කඩුලු තුනත් සමග මේ වන විට රංගන හේරත් ලබාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 360 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝකයේ සාර්ථකම සහ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා වීමේ වාර්තාව දැනට හිමිව තිබෙන්නේ නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ඩැනියෙල් විටෝරිටය.
ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 362කි.
මේ වන විට රංගන හේරත් ක්‍රීඩා කරමින් සිටින බංගලාදේශ දෙවන ඉනිමේ දී තවත් කඩුලු 3ක් බිඳ දමා එම ලෝක වාර්තාවට හිමිකම් කියනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවය.
ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා මෙන්ම සාර්ථකම දකුණත් දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ය.
ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේ දී බංගලාදේශයට ලකුණු 457ක ඉලක්කයක් ලබා දීමට නායක රංගන හේරත් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ වන විට බංගලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කර තිබේ.