ක්‍රිකට්: ත්‍රිත්ව ශතකයක් සහ අවාසනාවන්ත දැවී යාමක්

Nair is the third Indian to score a double hundred at number five

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කරුන් නායර්, අංක පහ පිතිකරු වශයෙන් පිටියට පැමිණ ද්විත්ව ශතකයක් වාර්තා කළ තුන් වැනි ඉන්දීය පිතිකරුවායි

එංගලන්තය සහ ඉන්දියාව අතර චෙන්නායි නුවර පැවැත්වෙන පස් වැනි ටෙස්ට් තරගයේ සිවු වැනි දිනයේදී ඉන්දීය කණ්ඩායමේ කරුන් නායර් නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ නමුත් ආරම්භක පිතිකරු කේඑල් රාහුල් ලකුණු 199 ක් රැස් කර සිටියදී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේය.

කරුන් නායර් නොදැවී රැස් කළ ලකුණු 303 ත් සමඟ ඉන්දීය කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 757 ක් රැස් කළේය. එංගලන්තයට එරෙහිව ඕනෑම කණ්ඩායමක් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාව එයයි.

සිය තුන් වෙනි ටෙස්ට් තරගයේදීම ත්‍රිත්ව ශතකයක් රැස් කළ කරුන්, ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ දෙවැනි ඉන්දීය පිතිකරුවා ලෙසින් වාර්තා පොතට එක්විය.

Rahul was disconsolate after he fell one run short of a double century

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කේඑල් රාහුල්, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 199 ක් රැස් කර සිටියදී දැවී ගිය නම වෙනි පිතිකරුවායි

අංක පහ පිතිකරු වශයෙන් පිටියට පැමිණ ද්විත්ව ශතකයක් වාර්තා කළ තුන් වැනි ඉන්දීය පිතිකරුවා කරුන් නායර් වන අතර, මහේන්ද්‍ර සිං දෝනි සහ වීවීඑස් ලක්ෂ්මන් මීට ඉහතදී එසේ ද්විත්ව ශතක වාර්තා කළ අනෙක් පිතිකරුවන් දෙදෙනායි. සිය මංගල ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කිරීමේ භාග්‍යය ලැබූ තුන් වැනි ඉන්දීය පිතිකරුවාද ඔහුයි.

කෙසේ නමුත් තරඟයේ තුන් වැනි දිනය වූ ඉරිදා දිනය පුරා දක්ෂ පිතිහරඹයක යෙදී සිටි කේඑල් රාහුල් ලකුණු 199 ක් රැස් කර සිටියදී දැවී ගියේය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එලෙස අවාසනාවන්ත ලෙසින් දැවී ගිය නම වෙනි පිතිකරුවා ඔහුයි.

ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් 3-0 ක් වශයෙන් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය අත්කරගෙන සිටියි.