දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ නිධානය චිත්‍රපටයේ පිටපතක් හමුවූයේ ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂනායතනයේ තිබී.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
විශිෂ්ට සිංහල සිනමා කෘතියක දශක ගණනාවක් තිස්සේ අතුරුදහන්ව පැවැති සේයා පිටපතක් සොයා ගැනීමට හැකිවී තිබේ.

1972 දී තිරගත වූ නිධානය එම වසරේ වැනිසියේ චිත්‍රපට උළෙලේදී වසරේ දෙවැනි විශිෂ්ඨතම සිනමා කෘතිය ලෙසින් පිදුම් ලැබුවේය
දෙස් විදෙස් සම්භාවිත නිධානය චිත්‍රපටයේ පිටපතක් හමුවූයේ ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂණායතනයේ (Indian National Film Archives) තිබී.
1972 දී තිරගත වූ නිධානය එම වසරේ වැනිසියේ චිත්‍රපට උළෙලේදී වසරේ දෙවැනි විශිෂ්ඨතම සිනමා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය.
එම උළෙලේදී එම වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබුවේ චාර්ලි චැප්ලින්ගේ නිර්මාණයක්.
මුදල් ගෙවා ඉන් පිටපතක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් වඩා හොඳ සංරක්ෂණ පහසුකම් ඇති විදේශීය ආයතනයකට නිධානය ලබා ගැනීමේ අවස්තාව ලබා දීමට සිදුවන බවයි මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිසුන් සංදේශයේ ප්‍රියත් ලියනගේට කියා සිටියේ.
BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.