ලෙස්ටර්ගේ අතුරුදහන් වූ දඹ රන් සම්මාන

ඡායාරූප මූලාශ්‍රය, nfc.gov.lk
‘අපේ චිත්‍රපට කවදාවත් සැබෑ නිර්මල සිංහල චිත්‍රපට ලෙස නම් කළ හැකි නොවේ. අනන්තවූ විදේශීය ප්‍රමිතීන් තාක්ෂණික බලපෑම් මෙන්ම සිනමා වියරණ විසින් මුද්‍රා තබන ලද කලාංගයක් කෙසේ නම් පරිපුර්ණ වශයෙන්ම සකලාකාර දේශීය එකක් වේද?’
මේ අපේම සිනමාවක් සොයා ගිය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිනමාව එදා දුටු අයුරු යි.
දඹ රන් සම්මාන
ගම්පෙරලිය චිත්‍රපටය 1965 දී නව දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි ‘ද ගෝල්ඩන් පීකොක්’ සම්මානය දිනා ගැනීම ශ්‍රී ලංකාවට හිමි වුනු ප්‍රථම ජාත්‍යන්තර සම්මානය වුනා.
එම ගම්පෙරලියම 1996 දී මෙක්සිකෝවේ ලෝක චිත්‍රපට පිළිබඳ අටවැනි සමාලෝචනයේ දී ‘ද ගෝල්ඩන් හෙඩ් ඔෆ් ප්ලෙන්ක්’ විශ්ව සම්මානයෙන් පිදුම් ලැබුවා.
තනි රනින් නිමැවුණු මේ සම්මාන යුග්මය ම අද අස්ථාන ගත වී ඇති අතර ඊට කුමක් සිදු වුණිදැයි කිසිවෙකු නොදන්නා බව ඔබ දන්නේ ද?
ලෙස්ටර් ගේ සිනමා ගමනේ අප්‍රකට තොරතුරු ආවර්ජනය කෙරෙන ඉර පානෙන් රැස් දෝතක් හඬ පටයට සවන් දෙන්න.