මානව හිමිකම්: ආසියාවේ 'විශාල ප්‍රගතියක්'
මීට දශක තුනකට ඉහතදී සිය සංවිධානය පිහිටවූ අවස්ථාවේදීට වඩා ආසියානු කලාපයේ මානව හිමිකම් වාතාවරණයේ විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බව ඒඑච්ආර්සී ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.
ඒඑච්ආර්සී ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂ (වත්මන් අධ්‍යක්ෂ) බැසිල් ප්‍රනාන්දු ඒ බව කියා සිටියේ, <link type="page"><caption> ආසියානු මානව හිමිකම් කොමිසම</caption><url href="http://www.humanrights.asia/" platform="highweb"/></link> සහ ආසියානු නීති ආධාර මධ්‍යස්ථානය පිහිටුවා <link type="page"><caption> වසර තිහක් පිරීම</caption><url href="http://www.humanrights.asia/news/press-releases/AHRC-PRL-015-2014" platform="highweb"/></link> පිළිබඳව බීබීසී සංදේශය සමඟ සංවාදයකට එක්වෙමින්.

ඡායාරූප මූලාශ්‍රය, AHRC
1984 දී එම ආයතන පිහිටුවනු ලැබුවේ ආසියානු කලාපය පුරා අධිකාරිවාදී පාලනාධිකාරීන් මතුවෙමින් තිබූ යුගයක බව පෙන්වා දෙන ඔහු, ශ්‍රී ලංකාවේ බලයට පත් ජේආර් ජයවර්ධන ආණ්ඩුව එක් පුද්ගලයෙකු වෙත අසීමිත බලයක් පවරා දෙමින් ව්‍යවස්ථාව දැඩි වෙනසකට ලක් කොට තිබූ බවත් සිහිපත් කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙසින් මනුෂ්‍ය ඝාතන, අතුරුදහන්වීම්, දැඩි සිරදඬුවම් නියම කිරීම් වැනි නුපුරුදු අත්දැකීම්වලට කලාපයේ ජනතාව මුහුණ දුන් බව බැසිල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.
එවක ඒ මර්දනයට එරෙහිව සටන් වැදුණු කණ්ඩායම් එකමුතු කරමින් ඔවුන්ට ආධාර කිරීමේ අරමුණින් ඉහත කී සංවිධාන දෙක පිහිටුවා ගත් බව ඔහු සඳහන් කළේය.
'දිනීමක් නෑ'
එදා මෙදා තුර තමන් ඈ ගමන් මග දෙස ආපසු හැරී බැලීමේදී 'ජයග්‍රහණ' යන වචනය මානව හිමිකම් ක්ෂේත්‍රයට අදාළ නොමැති බව ඒඑච්ආර්සී ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ අදහසයි.

ඡායාරූප මූලාශ්‍රය, Basil Fernando
"ඒ අතින් අපි කවදාවත් දිනන්නේ නෑ. මොකද අපි රාජ්‍ය බලය ගන්න හදන අය නෙවෙයි. අපි අවසාන වශයෙන් දැන් මේක ඉවරයි කියන්න හදන අය නෙවෙයි," යනුවෙන්ද ඔහු බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
"මේකේ ජයග්‍රහණය බලන්න තියෙන්නේ නිහඬව, යටපත් වෙලා යන්න තිබුණු සිදුවීම් එසේ යන්න නොදී, මර්දනයට එරෙහිව සටන් කළ හැකිය යන අදහස මිනිසුන් අතර ගොඩනැගීමට කළ ආධාරය මත පමණයි."
ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමෙහිලා සහ මානව හිමිකම් විෂයය කෙරෙහි උනන්දුව පවත්වාගෙන යාමෙහිලා ආසියානු කලාපයේ අවබෝධය එදාට වඩා ඉතා ඉහල මට්ටමක පවතින බවයි, බැසිල් ප්‍රනාන්දු සඳහන් කරන්නේ.
"අපි කියන්නේ නෑ අපි තනියම කළා කියල. මේවා සහයෝගිතා සංවිධාන. තනියම වැඩ කරන අය නෙවෙයි. අනික මේක ඉවර නෑ. තව බොහෝ දේ කරන්න තියෙනවා," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, මියන්මාරය, කාම්බෝජය, ඉන්දුනීසියාව, තායිලන්තය, දකුණු කොරියාව, හොංකොං සහ චීනයේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් හොංකොං මූලස්ථාන කොටගත් ඒඑච්ආර්සී ආයතනය කටයුතු කරයි.