භාග්‍යවන්ත ජුසේ වාස් ශාන්තුවරයානෝ
භාග්‍යවන්ත ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා ශාන්තුවරයකු බවට එසවීමට ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් තීරණය කොට තිබේ.
ශ්‍රී ලංකාවේ කතෝලික පියනමක් ශාන්තුවරයකු බවට එසවුණු පළමු වතාව මෙයයි.
1651 දී ඉන්දියාවේ උපත ලද ජුසේ වාස් පියතුමා සිය මුළු කාලයම කැප කළේ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගොඩනැගීම සහ කතෝලික දහම පැතිරවීම උදෙසායි.

ඡායාරූප මූලාශ්‍රය, kandydiocese.net
දිවයින පුරාම දේව ධර්ම ප්‍රචාරයේ නිරතවුණු ජුසේ වාස් පියතුමා 1711 දී ස්වර්ගස්ත වූහ.
ශුද්ධවූ ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය ශ්‍රී ලංකාවේ සංචාරය තුළදී ලබන ජනවාරි මස 14 වැනිදා ගාලු මුවදොර දී සිදුකරන දිව්‍ය පූජාවේදී ජුසේ වාස් පියතුමා ශාන්තුවරයකු බවට පත් කිරීමට නියමිත බව ඉතාලියේ ශ්‍රම සංක්‍රමණික ජාතික උපාධ්‍යාය නෙවිල් ජෝ පෙරේරා හිමිපාණෝ සංදේශයට පැවසුහ.