සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් වඩාත් විධිමත් සේවාවක් බවට පත් කිරීමේ වැඩ සටහනක දෙවැනි අදියර පසුගියදා බෙන්තොට දී ආරම්භ වුනා.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් වඩාත් විධිමත් සේවාවක් බවට පත් කිරීමේ වැඩ සටහනක දෙවැනි අදියර පසුගියදා බෙන්තොට දී ආරම්භ වුනා.
බීච් බෝයිස් ලා ලෙසින් හැඳින්වෙන සංචාරකයන් එන තුරු වෙරළේ රැඳී සිටින පුරුෂයන් ගේ සේවාව විධිමත් කිරීමයි එම වැඩසටහනේ පළමු අංකය වී තිබුනේ.
සංචාරකයන්ට මඟ පෙන්වීම මෙන්ම අවශ්‍ය නම් සංචාරක කාන්තාවන්ට ලිංගික සේවා සැපයීමද බීච් බෝයිස් ලාගේ 'නිල නොවන රාජකාරියේ' එක් අංකයක් බව ප්‍රසිද්ධ රහසක්.

සංචාරකයන්ට මඟ පෙන්වීම මෙන්ම අවශ්‍ය නම් සංචාරක කාන්තාවන්ට ලිංගික සේවා සැපයීමද බීච් බෝයිස් ලාගේ 'නිල නොවන රාජකාරියේ' එක් අංකයක් බව ප්‍රසිද්ධ රහසක්
රියදුරන් ගේ සේවාව සංවිධානාත්මක සේවාවක් බවට පත් කිරීම එම වැඩසටහනේ දෙවැනි අංකයයි.
සංචාරක ක්ෂේත්‍රයේ නිරත ප්‍රාදේශීය සේවා සපයන්නන් විදිහ්මත් කිරීමේ වැඩ සටහන ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුජිත් යමසිංහ ගේ සංකල්පයක ප්‍රතිඵලයක්.
මාස ගණනාවක පුහුණුවකින් පසුව බෙන්තර ප්‍රදේශයේ බීච් බෝයිස් ලා දැන් හැඳින්වෙන්නේ බීච් ඔපරෙටර්ස් ලා නමින්. මේ වැඩ සටහනේ කොටසක් වශයෙන් පුහුණුවෙන් අනතුරුව ඔවුන්ට දැන් කහ පාට යුනිෆොර්මයකුත් ලැබිලා.
පුහුණුව ලැබූ බීච් බෝයිස් ලා සහ රියදුරන් මෙන්ම පුහුණුව නොලැබූ බීච් බෝයිස් ලාත් මට හමුවුනේ විසසි විස්ස ලෝක කුසලානය වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ.
BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.