අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය දේශපාලන අරමුණකින් කෙරෙන්නක් බවට සාධාරණ සැකයක් මතුවන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනය පවසයි.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය දේශපාලන අරමුණකින් කෙරෙන්නක් බවට සාධාරණ සැකයක් මතුවන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනය පවසයි.

'මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද කියල අපි අවධානයෙන් බලා ඉන්නවා'
ජගත් සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
"අපි දන්න විදියට ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරිය අතර සම්බන්ධතා බිඳ වැටිලා තියෙන්නේ. අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ," ආදිපාදවරිය සඳහන් කළාය.
"අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න යන්නේ මොන චෝදනා මතද කියල අපිට තවම පැහැදිලි නෑ. නමුත් විශේෂයෙන්ම මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණය කරන දේට ආණ්ඩුව කැමති නෑ ඒ නිසා අගවිනිසුරුවරිය ඉවත් කරන්න හදනවා කියන අදහස," යනුවෙන්ද බ්‍රිතාන්‍ය අධිකරණයේ රාජ නීතිඥවරියකද වන ආදිපාදවරිය සඳහන් කළාය.
BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.