ජපාන භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ජපානයට බලපෑ ප්‍රබල භූ චලනයනේ අවම වශයෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පවසන්නේ භූමිකම්පාවෙන් ජීවිත හානි මෙන්ම විශාල දේපළ හානියක් සිදුව ඇති බවයි.
"ආපදාවෙන් විපතට පත් වූවන් සෙවීමට සහ මුදවා ගැනීමට අපට කාලය සමඟ තරග කිරීමට සිදුවෙනවා”. ආපදා ප්‍රතිචාර රැස්වීමකින් පසුව ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"විවිධ හානි, ගොඩනැගිලි කඩා වැටීම් සහ ගිනි ගැනීම් ඇතුළුව ඉතා විශාල හානියක් තහවුරු වී තිබෙනවා," ඔහු පැවසුවේ, නෝටෝ අර්ධද්වීපයේ උතුරු කෙළවරට ළඟා වීමට සහන සේවකයින්ට අපහසු වී ඇති බවයි.
මැග්නිටියුඩ් 7.6 ක භූමිකම්පාවේ අපිකේන්ද්‍රස්ථානය සටහන්වුයේ ඉෂිකාවා කලාපයයි.
භූමිකම්පාවෙන් කඩා වැටුණූ නිවාස හා ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී ඇතැයි සිතන පුද්ගලයන් සොයා සහන සේවකයින් 1000ක් පමණ සොදිසි කිරිම්වල නිරතව සිටිති.

නිවාස ඇතහැර යාමට සිදු වූවන් සඳහා ජපාන හමුදාව විසින් ආහාර, ජලය සහ බ්ලැන්කට් ඇතුළු සැපයුම් ලබා දී ඇත.
විදුලිය නොමැතිකම හේතුවෙන් පවුල් 33,000කට අධික ශීතල උෂ්ණත්වයට මුහුණ දෙමින් රැය පහන් කිරීමට සිදුවූහ. බොහෝ නගරවලට ද ජලය නොමැතිව පවතී.
ජපාන මුහුද ආශ්‍රිතව සියලුම සුනාමි අනතුරු අඟවීම් සහ උපදේශන දැන් ඉවත් කර ඇති අතර, එයින් අදහස් වන්නේ තවදුරටත් එවැනි සිදුවීමක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.
ජපානයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ඇමෙරිකාව සූදානම් බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.
සුනාමි අනතුරු අඟවීම් ඉවත් කෙරේ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජපානයේ මධ්‍යම කලාපයට (ජනවාරි 01වැනිදා) බලපෑ මැග්නිටියුඩ් 7.6ක භූ කම්පනයක් හේතුවෙන් “වහාම ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස ” ජපානය සිය වැසියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය.
ඉෂිකාවා හි වෙරළබඩ නෝටෝ ප්‍රදේශයට මහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු අතර, මීටර් 5 (අඩි 16) පමණ උස සුනාමි රළ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.
කෙසේවෙතත් මේවන විට සුනාමි අනතුරු ඇඟවීම් සහ උපදේශන සියල්ල ඉවත් කර තිබේ.
සඳුදා අලුත් අවුරුදු දිනයේ මෙම භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී තම නිවාස සහ උමං දුම්රිය සෙලවෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ජනතාව විසින් සමාජ මාධ්‍යවල පළ කර ඇත.
සඳුදා මිනිත්තු 90 කට වැඩි කාලයක් තුළ මධ්‍යම ජපානයට මැග්නිටියුඩ් 4.0 හෝ ඊට වඩා වැඩි ප්‍රබලත්වයක් සටහන් වූ භූමිකම්පා 21 ක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසයි. ප්‍රබලම කම්පනය දේශීය වේලාවෙන් (ජනවාරි 01වැනිදා) 16:10 ට (GMT 07:10) ඇති වූ අතර එහි ප්‍රබලත්වය 7.6 ක් විය.
ජපාන මාධ්‍ය කිහිපයක් වාර්තාකර සිටියේ, 2011 වසරේ ඊසානදිග ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී මීටර් 40ක් දක්වා උස රළ ඇතිවීමෙන් පසු "මහා සුනාමි අනතුරු ඇඟවීමක්" නිකුත් කළ පළමු අවස්ථාව මෙය බවයි.
බොහෝ භූ තැටි හමු වන පැසිෆික් ගිනි වළල්ල ලෙස හැඳින්වෙන කලාපයේ පිහිටීම හේතුවෙන් ජපානය පෘථිවියේ වඩාත් භූ කම්පන ක්‍රියාකාරී රටවලින් එකක් ලෙස සැලකෙයි. නිරන්තර භූමිකම්පා තර්ජනය නිසා ජපානය ලෝකයේ අති නවීන සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NHK VIA EVN
භූමිකම්පාවේ අපිකේන්ද්‍රයට ආසන්නයේ ප්‍රධාන මහාමාර්ග වසා දමා ඇත. උපයෝගිතා සේවා සපයන්නෙකු වන Hokuriku Electric Power පවසන පරිදි කලාපයේ නිවාස 36,000කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇත.
ජපාන න්‍යෂ්ටික අධිකාරිය පැවසුවේ භූමිකම්පා සහ සුනාමියෙන් හානියට පත් ප්‍රදේශවල “න්‍යෂ්ටික බලාගාරවලින් විකිරණ කාන්දු වීමේ අවදානමක් නොමැති” බවයි.
තවදුරටත් භූමිකම්පා සඳහා සූදානම් වන ලෙස රජයේ ප්‍රකාශක යෝෂිමාසා හයාෂි ජනතාවට අනතුරු අඟවා තිබේ.
2011 දී ජපානය මැග්නිටියුඩ් 9.0 ක භූමිකම්පාවකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එහි ඊසානදිග වෙරළබඩ ප්‍රජාවන්ට බලපෑ සුනාමියකින් 18,000 කට ආසන්න පිරිසක් මිය ගිය අතර දස දහස් ගණනක් අවතැන් වූහ.
එම සුනාමි රළ හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ කාන්දුවක් ඇති කළ අතර එය චර්නොබිල් වලින් පසු සිදු වූ බරපතලම න්‍යෂ්ටික අනතුරට හේතු විය.













