පැරිසියේ ලූවර් ආභරණ කොල්ලය ගැන අප දන්නා සියල්ල

French Crime Scene Officers gesture as they examine the cut window and balcony of a gallery at the Louvre Museum the scene of a robbery at the world famous museum on October 19, 2025 in Paris, France. France's Culture Minister, Rachida Dati, announced the closure of the world-famous art museum on X due to the robbery taking place just after the Louvre opened to the public. It is being reported that millions of pound with of historic jewellery belonging to Napoleon and Empress Josephine has been stolen

ඡායාරූප මූලාශ්‍රය, Kiran Ridley/Getty Images

    • Author, ඉයන් එයික්මන්
    • Author, රේචල් හේගන්

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය සඳුදා දිනයේදී ද වසා දමා ඇත්තේ, එරට මිල කළ නොහැකි රාජකීය ආභරණ ඉලක්ක කර ගෙන සිදුවූ කොල්ලයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතරතුර ය.

ලොව වැඩි ම සංචාරක පිරිසක් පැමිණ තිබෙන කෞතුකාගාරයට දිවා කාලයේ විවිධ ආම්පන්න අතැතිව පැමිණි සොරුන් පිරිසක් කඩා වැදී එහි තිබුණු ඉතා වටිනා ආභරණ අටක් රැගෙන ස්කූටර්වලින් පලා ගියහ.

ප්‍රංශය මවිතයට පත් කළ මෙම අපරාධය ගැන අප දන්නා දේ මෙහි දැක්වේ.

කොල්ලය සිදු වූයේ කෙසේ ද?

Close up photo of ornate pearl and diamond tiara worn by Empress Eugenie as displayed at the Louvre Museum, Paris

ඡායාරූප මූලාශ්‍රය, Alamy

කෞතුකාගාරය අමුත්තන්ට විවෘත කිරීමෙන් මද වේලාවකට පසු, ඉරිදා එරට වේලාවෙන් උදෑසන 09:30ත් 09:40ත් අතර මෙම මංකොල්ලය සිදුවිය.

සොරුන් හතර දෙනෙක් වාහනයක සවිකර ඇති යාන්ත්‍රික ඉනිමගක් භාවිත කර සේන් ගඟ දෙසට මුහුණ පා ඇති බැල්කනියක් ඔස්සේ ඇපලෝ ගැලරියට ප්‍රවේශ වූහ.

එම ස්ථානයේ ඡායාරූපවලින් දැක්වෙන්නේ පළමු මහලේ ජනේලයකට නැගීම සඳහා වාහනයකට සවිකර ඇති ඉනිමඟකි.

ඔවුන්ගෙන් දෙදෙනෙක් බැටරි බලයෙන් ක්‍රියාත්මක යන්ත්‍රයකින් වීදුරු කපා කෞතුකාගාරයට ඇතුළු වූහ.

ඉන්පසු ඔවුන් එහි සිටි ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර ඒත් සමග එම නිලධාරීන් දෙදෙනා ආරක්ෂාව සඳහා ඉන් පලා ගොස් තිබේ. අනතුරුව කොල්ලකරුවෝ එහි ඇති වීදුරු ප්‍රදර්ශන පෙට්ටි දෙකක තිබූ භාණ්ඩ සොරකම් කළහ.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන පරිදි, කෞතුකාගාරයේ කොල්ලකෑමට ලක් වූ ප්‍රදේශයේ ඇති කාමර තුනෙන් එකක සීසීටීවී කැමරා නොතිබූ බව මූලික වාර්තාවකින් හෙළි වී තිබේ.

Image shows an overall view of the Apollon Wing gallery in the Louvre which is a highly ornate, gold-gilded room, with an embellished vaulted ceiling, and tapestries, which house the French Crown Jewels.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොල්ලකරුවෝ පළමු මහලේ ජනේලයකට ළඟා වී වීදුරු කපා කෞතුකාගාරයේ රන් ආලේපිත ඇපලෝ ගැලරිය වෙත ප්‍රවේශය ලබා ගත්හ

මෙය ප්‍රංශයට "ඉතා වේදනාකාරී" පරිච්ඡේදයක් බව ප්‍රංශ සෙනෙට් සභාවේ මූල්‍ය කමිටුවේ සාමාජිකාවක වන නටාලි ගුලේ පැවසුවා ය.

"අපි හැමෝම කලකිරිලා වගේ ම, තරහින් ඉන්නේ," ඇය පැවසුවා ය. "ඒක මෙච්චර ලේසියෙන් කොහොම ද වුණේ කියලා තේරුම් ගන්න අමාරුයි."

ගැලරියේ ස්ථානගත කළ අනතුරු ඇඟවීමේ පද්ධතිය මෑතකදී අකර්මණ්‍ය වූ බවත්, "එලාමය අක්‍රීය කර ඇත්දැයි දැන ගැනීමට අපට විමර්ශනය අවසන් වන තෙක් බලා සිටීමට සිදුවන" බවත් ගුලේ බීබීසීයට පැවසීය.

ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශය පැවසුවේ කෞතුකාගාරයේ පුළුල් අනතුරු ඇඟවීම් සංඥා නිකුත් වූ බවත් කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් සහ අමුත්තන් ආරක්ෂා කරමින් ප්‍රොටෝකෝලය අනුගමනය කළ බවත් ය.

French police officers stand next to a furniture elevator used by robbers to enter the Louvre Museum

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සොරුන් හතර දෙනෙක් වාහනයක සවිකර ඇති යාන්ත්‍රික ඉනිමගක් භාවිත කර සේන් ගඟ දෙසට මුහුණ පා ඇති බැල්කනියක් ඔස්සේ ඇපලෝ ගැලරියට ප්‍රවේශ වූහ.

මෙම කොල්ල කල්ලිය පිටත තිබුණු ඔවුන්ගේ වාහනයට ගිනි තැබීමට උත්සහ කර ඇති නමුත් කෞතුකාගාර කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ මැදිහත්වීමෙන් එය වළක්වා ගත් බව සංස්කෘතික අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

සංස්කෘතික අමාත්‍ය රෂීඩා ඩටී ප්‍රංශ ප්‍රවෘත්ති ආයතනයක් වන TF1 වෙත පැවසුවේ, සොරකමේ දර්ශනවල මුහුණු ආවරණ පැළඳගත් කොල්ලකරුවන් "සන්සුන්ව" ඇතුළු වී ආභරණ අඩංගු ප්‍රදර්ශන පෙට්ටි කඩා දමන ආකාරය දැක්වෙන බව ය. සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

කොල්ලකරුවන් සොරකම හොඳින් සැලසුම් කළ "පළපුරුදු" අපරාධකරුවන් මෙන් දිස් වූ බවත්, ස්කූටර් දෙකකින් පලා ගිය බවත් ඇය පැහැදිලි කළා ය.

An illustration showing the position of the Gallery of Apollo - overlooking the River Seine - in relation to the rest of the Louvre around it.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශකයින් 60 දෙනෙකු පමණ කටයුතු කරමින් සිටින අතර, නීතිඥවරුන් පැවසුවේ කොල්ලකරුවන් අපරාධ සංවිධානයක මෙහෙය වීම මත කටයුතු කටයුතු කර ඇතැයි ඔවුන් සිතන බව ය.

සැකකරුවන් හතර දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, විමර්ශකයෝ ඔවුන් පලා ගිය මාර්ගයේ සීසීටීවී දර්ශන අධ්‍යයනය කරමින් සිටිති.

කෞතුකාගාරයෙන් එහි සිටි පුද්ගලයින් ඉවත් කරන විට "මුළුමනින් ම කලබල ස්වරූපයක් ගත් බව" එක් සාක්ෂිකරුවෙක් විස්තර කළේ ය. පසුව ඡායාරූපවල දැක්වුණේ එහි පිවිසුම් ලෝහ ගේට්ටුවලින් වසා දමා ඇති ආකාරයයි.

සොරකම් කරන ලද ආභරණ මොනවා ද?

A composite with 3 images of jewels stolen from the Louvre museum in Paris. A sapphire tiara, and emerals necklace and an ornate heavy crown with emeralds, gold and diamonds

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සොරකම් කරන ලද භාණ්ඩ දෙකක් - ඉයුජිනි අධිරාජිනියගේ ඔටුන්න (ඉහළ දකුණේ) ඇතුළුව - පසුව කෞතුකාගාරය අසලින් සොයා ගැනිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බලධාරීන්ට අනුව, ඔටුනු (මැණික් සහිත හිස් පළඳනාවක්), මාල, කරාබු සහ හාරිච්චි ඇතුළු අයිතම අටක් පැහැරගෙන ගොස් ඇත. ඒ සියල්ල ම 19 වන සියවසට අයත් වන අතර, කලක් ප්‍රංශ රාජකීයයන්ට හෝ අධිරාජ්‍ය පාලකයින්ට අයත් ඒවා විය.

ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශයට අනුව සොරකම් කරන ලද භාණ්ඩ:

  • III වන නැපෝලියන්ගේ බිරිඳ වූ ඉයුජිනි අධිරාජිනියට අයත් ඔටුන්නක් සහ හාරිච්චියක්
  • මාරි ලුවී අධිරාජිනියට අයත් මරකත මාලයක් සහ මරකත කරාබු යුගලයක්
  • මාරි-ඇමලි රැජින සහ හෝර්ටෙන්ස් රැජිණ සතු වූ ඉන්ද්‍රනීල ඔටුන්නක්, මාලයක් සහ තනි කරාබුවක්.
  • හාරිච්චියක්

මෙම ආභරණ දහස් ගණනක් දියමන්ති සහ අනෙකුත් වටිනා මැණික්වලින් හැඩ ගන්වා තිබිණි.

ඉයුජිනි අධිරාජිනියගේ ඔටුන්න ඇතුළු තවත් අයිතම දෙකක් සිද්ධිය වූ ස්ථානය අසලින් හමු වූ අතර, ඒවා සොරුන් පැන යාමේදී බිම වැටී ඇති බව පෙනේ. බලධාරීහු ඒවාට හානි වී ඇතිදැයි පරීක්ෂා කරමින් සිටිති.

සොරකම් කරන ලද ආභරණ "මිල කළ නොහැකි" සහ "මැනිය නොහැකි උරුමයක්" බව නූනියේස් විස්තර කළේ ය.

"දැන් තරගයක් පැවැත්වෙනවා," ආර්ට් රිකවරි ඉන්ටර්නැෂනල්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් මැරිනෙලෝ පැවසීය.

සොරා ගත් ඔටුනු සහ කිරුළු පහසුවෙන් කුඩා කොටස්වලට වෙන් කර අලෙවි කළ හැකි ය.

සොරුන් "ඒවා ඒ විදිහට ම තබා ගන්නේ නැහැ, ඔවුන් ඒවා කඩන්න, උණු කරන්න, මැණික් ගල් ආයෙත් කපලා ඔවුන්ගේ අපරාධයේ සාක්ෂි සඟවා ගන්න උත්සහ කරන්න පුළුවන්," මැරිනෙලෝ පැවසීය.

මෙම ආභරණ පවතින ආකාරයෙන් විකිණීම දුෂ්කර වනු ඇතැයි ඔහු පැවසීය.

මෙම වසර මුලදී, ලූවර් කෞතුකාගාරයේ නිලධාරීන් කෞතුකාගාරයේ පැරණි ප්‍රදර්ශන ශාලා ප්‍රතිසංස්කරණය කිරීමට සහ එහි කලා කෘති වඩා හොඳින් ආරක්ෂා කිරීමට ප්‍රංශ රජයෙන් උපකාර පැතීය.

එම අවස්ථාවේදී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, 'නව පුනරුද' ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලූවර් නැවත සැලසුම් කරන බවට පොරොන්දු විය. එයට යූරෝ මිලියන 700ත් 800ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතියට ආරක්ෂාව දැඩි කිරීම ද ඇතුළත් වේ.

ලූවර් කෞතුකාගාරය නැවත විවෘත වන්නේ කවදා ද?

සොරකම පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවූ පසුබිමක සඳුදා දිනයේදී ද ලූවර් කෞතුකාගාරය වසා දමා තිබිණි.

කෞතුකාගාරය සිය වෙබ් අඩවිය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, දැනටමත් ටිකට්පත් වෙන්කරවා ගත් අමුත්තන්ට ස්වයංක්‍රීයව මුදල් ආපසු ගෙවන බව ය.

සඳුදා දිනයේදී එම ස්ථානයේ ප්‍රසිද්ධ වීදුරු පිරමීඩ පිවිසුම වටා පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් සිටිනු දැකගත හැකි විය. ලෝහ බාධක ද ​​සවි කර තිබිණි.

කෞතුකාගාරය මහජනතාවට නැවත විවෘත කළ හැක්කේ කවදා ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දී නොමැත.

ලූවර් කෞතුකාගාරය අඟහරුවාදා දිනවල වසා තැබෙන බැවින් මෙම සතියේ එය නැවත විවෘත කළ හැකි ආසන්නතම දිනය බදාදා වේ.

A red sign placed outside the Louvre museum on Monday morning, reading in both French and English: The Louvre Museum will be closed today for exceptional reasons. All reservations for today's date will be reimbursed. Thank you for your understanding.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මීට පෙර මෙවැනි සොරකම් සිදුවී තිබේ ද?

1911දී, ඉතාලි කෞතුකාගාර සේවකයෙකු මොනාලිසා සිතුවම [එවකට මහජනයාට එතරම් ප්‍රසිද්ධ නැත] ගැලරියක බිත්තියක එල්ලා තිබියදී සොරා ගෙන ඔහුගේ කබාය තුළ සඟවා පලා යාමට සමත් විය.

ඉන් වසර දෙකකට පසු එය සොයා ගන්නා ලද අතර, වැරදිකරු පසුව පැවසුවේ ලියනාඩෝ ඩා වින්චිගේ කලාකෘතිය ඉතාලියට අයත් බවට ඇති විශ්වාසය තමා පෙළඹවූ බව ය.

නමුත් දැන් එය එතරම් පහසු නැත: කෞතුකාගාර එකතුවේ ඇති වඩාත් ම ප්‍රසිද්ධ සිතුවම වන මෙම සිතුවම, අධිආරක්ෂිත වීදුරු මැදිරියක තබා තිබේ.

1998දී, කැමිල් කොහෝ විසින් අඳින ලද 19 වන සියවසේ සිතුවමක් වන 'Le Chemin de Sevres' සිතුවම ද සොරකම් කරන ලද අතර එය කිසි දා සොයා ගැනීමට නොහැකි විය.

ප්‍රංශ කෞතුකාගාර ඉලක්ක කර ගනිමින් මෑතකදී සිදුවූ සොරකම් රැසක් වාර්තා වී තිබේ.

පසුගිය මාසයේ, සොරුන් පිරිසක් ලිමෝජ්හි ඇඩ්‍රියන් ඩුබූෂ් කෞතුකාගාරයට කඩා වැදී යුරෝ මිලියන 9.5ක් වටිනා පෝසිලේන් කෘති සොරකම් කළහ.

2024 නොවැම්බර් මාසයේදී, අගනුවර කොඥැක්-ජේ කෞතුකාගාරයෙන් "ඓතිහාසික වටිනාකමක් ඇති" භාණ්ඩ හතක් සොරකම් කෙරිණි. දින කිහිපයකට පෙර ඒවායින් පහක් සොයා ගන්නා ලදී.

එම මාසයේ ම, සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් බර්ගන්ඩිහි හයිරොන් කෞතුකාගාරයට කඩා වැද, වෙඩි තබා පවුම් මිලියන ගණනක් වටිනා 20 වන සියවසේ කලා කෘති රැගෙන පලා ගියහ.