වඩමාරච්චි ආරවුල:මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට ඇප
යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර පොලිසිය සමග ඇති වු ආරවුල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
ඒ, අද (ජුනි 07 වැනිදා ) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මන්ත්‍රීවරයාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටද අධිකරණය නියෝග කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසුවේ කිලිනොච්චියෙන් පැමිණි පොලිස් කණ්ඩායමක් අද (ජුනි 7වැනිදා ) උදෑසන කොල්ලුපිටියේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම අතුලු චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අද දිනයේ පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නැඟීමට බලාපොරොත්තු වන බවයි.
එය කඩා කප්පල් කිරීමේ නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස පොලිසිය තමාව අත්අඩංගුවට ගත් බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
කොල්ලුපිටියේ නිවසේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරයා පොලිසියෙන් විමසා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් තිබේද යන්න පිළිබඳවයි.
කොළඹදී අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද(07) පස්වරුවේ කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව,ප්‍රකාශ සටහන් කරගෙන කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මන්ත්‍රීවරයා පැය දෙකකට ආසන්න කාලයක් කිලිනොච්චිය පොලිස්ථානයේ තබා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මන්ත්‍රීවරයා කිලිනොච්චිය පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව මන්ත්‍රීවරයාගේ ආධාරකරුවෝ කළුපටිවලින් මුඛය වසාගෙන කිලිනොච්චිය පොලිසිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයකද නිරත වූහ.


මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මෙම සිද්ධියේදී චූදිතයා වන්නේ පොලිසිය බවද මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේය.
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණුවාර්තා කරීමෙන් අනතුරුව ඊයේ (ජුනි 06 වැනිදා) පොලිසිය විසින් මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද ලබා ගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද පොලිසිය විසින් මීට පෙර මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණි.
විදෙස් ගමන් තහනම ඉවතට
නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර පොලිසිය සමග ඇති වු ආරවුල සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව පැවසුවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට (ජුනි 06 වැනිදා) කරුණුවාර්තා කරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා ගත් බවයි.
ඒ, මෙම ආරවුල තවදුරටත් දිග්ගැස්සෙමින් තිබියදීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් (ජුනි 06 වැනිදා) ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ තම කොළඹ නිවසට පැමිණි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සිංහල බසින් ලියන ලද ලියවිල්ලක් තමන් වෙත දුන් බවය.
තමාට සිංහල බස ලිවීමට හෝ කියවීමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂප කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
වඩමාරච්චි සංවිධායකවරියත් අත්අඩංගුවට...
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ සංවිධායකවරිය වන ජේගදීස්වරි සද්ගුණදේවි (අරුල්මති) (ජුනි05) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේද මේ පසුබිම තුළය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ මරුදන්කේනි මහජන ක්‍රීඩා පිටියේ ඇතිවු සිද්ධියට අදාළව පොලිසියේ රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම එම සිදුවීමේ දී පොලිස් රාජකාරියට බාධා කිරිමට අදාළව තවත් කිහිප දෙනෙකුම හඳුනාගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම අදාළ සිදුවීම පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් කියා සිටියේය.
ආරවුල මොකද්ද?
පාර්ලිම්න්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් හමුවීමට පසුගිය 02 වැනිදා (සිකුරාදා) ගොස් ඇත්තේ ක්‍රිඩා සමාජයේ ආරාධනයෙනි.
මරුදන්කේනි මහජන ක්‍රීඩා පිටියේ ගසක් යට සාකච්ඡාව පැවැත්වෙන අතරතුර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මන්ත්‍රීවරයා පිටුපසින් සිට ඇත.
මොවුන් කෙරෙහි සැක පළ කළ එම පක්ෂයේ සාමාජිකයකු ඔවුන් වෙත ගොස් ඔවුන් පැමිණි කාරණය විමසු විට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් බවත්, එහි පැමිණියේ නීත්‍යානුකූල නොවන බව කියන රැස්වීමක් ගැන විමර්ශනය කිරීමට යැයි පවසා තිබේ.
මන්ත්‍රීවරයා පවසන්නේ ඔවුන් හැඳුනුම්පත ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් එක් අයකු ඉන් ඉවත්ව යාමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා වැළැක්වීමට උත්සාහ කළ බවයි.
“ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කළ විට, ඔහු මට හෙල්මට් එකෙන් ගහලා පැනලා ගියා.” ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා පවසා තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
“මන්ත්‍රීවරප්‍රසාද කඩවුණා”
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම සිද්ධියේදී තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම ගැන එළඹෙන සැසිවාරයේ දී කතානායකවරයා වෙත පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් බීබීසී සිංහල වෙත කියා සිටියේය.
සිද්ධිය වු දිනයේම ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලය වෙත පැමිණිලි කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධව පොලිසියට පැමිණිළි නොකළ හේතුව ද මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.
“මරුදන්කේනි පොලිසියනේ අපේ පැත්තෙන් අපි චුදිතයෝ විදියට බලන්නේ, මරුදන්කේනි පොලිසියට කියලා හරියන්නේ නැති නිසා පොලිසියේ උසස් නිලධාරියෙක්ට කම්ප්ලේන් එකක් කරන්න හිටියා. අපි එහෙම කරන්න කලින්ම කොළඹ ඉන්න පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක මේ ගැන කිසිම දෙයක් අපෙන් අහන්නේ නැතුවම ඒගොල්ලන්ගේ අදහස් කියන්න ගත්තාට පස්සේ අපි කතා කරලා ප්‍රයෝජනයක් නැහැ.”
පැමිණි එක් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී අසල පාසල් ගොඩනැඟිල්ල තුළ සිටි තවත් පුද්ගලයකු කෑ ගසමින් කියා ඇත්තේ ‘ප්‍රශ්න කරන පුද්ගලයා අපේ මිනිහෙක් බවත් ඔහුව නිදහස් කරන’ ලෙසය.
එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා සමග සිටි තරුණ ක්‍රීඩකයින් පවසා ඇත්තේ යාබද පාසල් ගොඩනැඟිල්ල තුළ සිට කෑගැසු පුද්ගලයා මන්ත්‍රීවරයා දෙසට පිස්තෝලයක් එල්ල කළ බවයි.
එම ස්ථානයට මරුදන්කේනි පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ද පැමිණ ඇති අතර ඔහු එම පුද්ගලයන් බුද්ධි අංශ නිලධාරින් බවට තහවුරු කර ඇති අතර පහරදීම සහ වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කරන ලද ඉල්ලීම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.
මරුදන්කේනි පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ද කිසිදු අනන්‍යතා හැඳුනුම්පතක් නොපෙන්නු බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් චෝදනා කළේය.
රැස්වීමට පැමිණි බුද්ධි නිලධාරින් මන්ත්‍රීවරයා වෙත සිය අනන්‍යතා හැඳුනුම්පත ඉදිරිපත් කළ බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙඩි තැබිමට තැත් කිරීම සම්බන්ධව මන්ත්‍රීවරයා කරන ලද චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
“තුවක්කුවක් එල්ල කළා කියන එක සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතනට ගිය සිවිල් නිලධාරින් හැඳුනුම්පත පෙන්වලා තියෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
“මේ මහ දවල් කණ්ඩායමක් ඉන්න තැනකට පොලිස් ජීප් එකෙන් ගියපු ස්ථානාධිපතිවරයා හඳුනගන්න බැරිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එච්චර දෙයක් තේරුම් ගන්න බැරි නම්, එතනත් හැඳුනුම්පත ඉල්ලන්නේ එයාව අඳුරගන්න බැරි මට්ටමක කෙනෙක් නම්, එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ, මහජන නියෝජිතයෙක් විදියට. හැඳුනුම්පත ඉල්ලීමේ අයිතිවාසිකමක් තියෙන්න පුළුවන්, අපි බලන්නේ ඒ අයිතිවාසික පාවිච්චි කිරිමේ චේතනාවනේ.” යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිසිය අතර යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ දී ඇති වූ සිද්ධිය සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.













