'අපි ඔක්කොම යාළුවෝ.මිනිස්සු ඔක්කොම එකක් තමයි;දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳලා දෙන්න ඕනා'
යුද්ධයෙන් මියගිය සහ අතුරුදහන්වූ දෙමළ ජනයා ස්මරණය කිරීම අද (මැයි 18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළේ දී සිදු කෙරුණි.
ඒ සඳහා ඔවුන්ගේ ඥාතීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් ද සහභාගී වූහ.
පහන් දල්වා තම මියගිය ඥාතීන් ස්මරණය කිරීමට මෙහි පැමිණෙන පිරිසට සෑම වසරකදීම සංවිධායකයෝ පොල් පැළ බෙදා දෙති.
මියගිය සහ අතුරුදහන්වූ ඥාතීන් සංකේතවත් කරමින් තමන් ඒවා නිවෙස් කරා රැගෙන ගොස් රෝපණය කර ආරක්ෂිතව රැකබලා ගන්නා බව ඥාතීහු පවසති.


