ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ග්‍රෙනේඩ් ප්‍රහාර, මිරිස්කුඩු ප්‍රහාර මැද වසර 42ක අත්දැකීම් ගැන වේත්‍රධාරී BBCයට කියයි
ලුතිනන් ජෙනරල්වරයෙකුගේ නිලයට සමාන නිලයක් දරණ, පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ආයුධයක් රැගෙන යෑමේ නිල අවසරය හිමි එකම නිලධාරියා වන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 42ක සේවා කාලයක් ඇති පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම නිලධාරියා වේ.
ඔහු වේත්‍රධාරී තනතුරට පත් වූ පසු මන්ත්‍රීවරු වැඩිම අවස්ථා ගණනක දී සෙංකෝලය පැහැර ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කිරීමට මුහුණ දුන්නේය.
මිරිස්කුඩු ප්‍රහාරය සහ ග්‍රෙනේඩ් ප්‍රහාරය සිදු වූ සමයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු විශේෂ කාර්යයක් ඉටු කළේය.
අරගලය පැවතී අවස්ථාවේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට සහ පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට ඔහුට සිදු විය.
එම අත්දැකීම් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු BBC සිංහල සේවය සමග පැවති සාකච්ඡාවක දී විස්තර කළේය.
ඔහු සඳහන් කළේ ඇතැම් කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන පළමු අවස්ථාව මෙය බවයි.