'ආණ්ඩුව එළවපු අපිට ඒවා මහා දේවල් නෙමෙයි'

'ආණ්ඩුව එළවපු අපිට ඒවා මහා දේවල් නෙමෙයි'

විදුලිය ගාස්තු 18%කින් පමණ යළිත් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද (නොවැම්බර් 01) දිවුලපිටියෙන් ආරම්භ වූ පා ගමනට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගත් පිරිසට අයත් වේ.

ඔවුන් කොළඹ පිහිටි විදුලිබල අමාත්‍යාංශය වෙත පැමිණීමට සැලසුම් කර තිබුණ ද දිවුලපිටියේ සිට මිනුවන්ගොඩ දෙසට වැඩි දුරක් යෑමට ඉඩ ලැබුණේ නැත.

මේ අතර මෙතෙක් වසරකට දෙවරක් සිදු කළ විදුලිය ගාස්තු සංශෝධනය වසරකට සිව් වරක් සිදු කිරීමට ඔක්තෝම්බර් 30 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.