කාර්ය මණ්ඩල සමාජිකයෙකුගේ සිරුරට අත තැබූ නවසීලන්ත වාණිජ ඇමති ඉල්ලා අස්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කෝ එව් - සිංගප්පූරුව, කැත්‍රින් ආම්ස්ට්‍රෝං - ලන්ඩන්
- කියවීමේ කාලය: මිනිත්තු 3
නවසීලන්තයේ වාණිජ අමාත්‍ය ඇන්ඩෲ බේලි පසුගිය සතියේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ උරහිසට මදක් පහළින් සිය "අත තැබීමේ" සිද්ධියකින් පසු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර එය ඔහු විස්තර කළේ "උඩඟු" හැසිරීමක් ලෙසිනි.
බේලි සඳුදා ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා "දැඩිව කණගාටුව" පළ කරන බවත්, එය බහින් බස්වීමක් නොව "සජීවී සාකච්ඡාවක්" අතරතුර සිදුවූ බව ය.
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුව ද ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.
ඔහුගේ ඉල්ලා අස්වීම සිදු වන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදී වයින් කර්මාන්තකරුවෙකු "පරාජිතයෙකු" ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් විවේචනයට ලක්වීමෙන් පසුවය. සිය ඇඟිලි නළල මත 'L' හැඩයට තැබීම සහ නොමනා වචන භාවිතා කිරීමේ සිද්ධියකින් පසු, ඔහු මීට පෙර ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ ය.
"ඔබ බොහෝ දෙනා දන්න විදිහට, මම මගේ අමාත්‍ය ධූරයේ වෙනසක් කිරීමට නොඉවසිල්ලෙන් ඉන්නේ," බේලි සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් කියා සිටියේය.
"පසුගිය සතියේ මම කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු සමග වැඩ ගැන සාකච්ඡාවක් පැවැත්වුවා. මගේ ඒ කතාව ටිකක් දුරදිග අරන් ගියා. මම ඔහුගේ උරහිසට මදක් පහළින් අත තිබ්බා, ඒක සුදුසු නැහැ."
පැමිණිල්ලක් කර ඇති නමුත් සිදුවූයේ කුමක්ද යන්න තවදුරටත් විස්තර නොකරන බව ඔහු පැවසීය.
බේලි පසුගිය සිකුරාදා ඉල්ලා අස් වූ අතර, නවසීලන්ත අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් පසුව මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම සිදුවීම පෙබරවාරි 18 වන දින සිදු වූ බවයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලක්සන් සඳුදා පැවසුවේ සතියක් ඇතුළත රජය මෙම ප්‍රශ්නය හැසිරවීම "ඉතා ඉක්මන්" සහ "ඉතා ආකර්ෂණීය" බවයි.
ඔක්තෝබර් මාසයේ වයින් කර්මාන්තශාලාවේ සිද්ධියෙන් පසුව තමා බේලිට ඉල්ලා අස්වන ලෙස බලකර සිටි බවට වන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ අතර, 63 හැවිරිදි බේලිට වෙනත් කැබිනට් තනතුරකට යාමට මගක් තිබේදැයි ඇසූ විට "කිසි විටෙකත් නැතැයි" ඔහු පැවසීය.
කෙසේ වෙතත්, කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් විසින් අග්‍රමාත්‍ය ලක්සන් "ඉතා ම දුර්වල" අයෙකු ලෙස විවේචනය කළේ, කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ ඇති වූ සිද්ධිය සතියක් පුරා දීර්ඝව ඇදගෙන නොයා යුතු බව පවසමිනි.
"ක්‍රිස්ටෝෆර් ලක්සන් නැවත වරක් අමාත්‍යවරුන්ගේ පහත් හැසිරීමට ප්‍රමිතියක් හදලා තියෙනවා." ඔහු සඳුදා වාර්තාකරුවන්ට පැවසීය.
බේලි විසින් ම කියා සිටියේ, තමාට තම පවුලේ අය සමග කතා කිරීමට සිදුවූ බවත් මීට පෙර මාධ්‍යයට කතා කිරීම "අසීරු" වූ බවත්ය.
ඔහු ප්‍රථම වරට නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ වත්මන් පාලක ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස 2014 වසරේදී ය. 2023 අගභාගයේදී ලක්සන්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහු වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය, කුඩා ව්‍යාපාර සහ නිෂ්පාදන අමාත්‍ය සහ සංඛ්‍යාලේඛන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
මෙම වසර මුලදී කැබිනට් සංශෝධනයකින් පසුව ඔහු ACC - ජාතික හදිසි අනතුරු තුවාල වන්දි යෝජනා ක්‍රමය සඳහාවන අමාත්‍යවරයා ලෙස ද පත් කරන ලදී. දේශපාලනයට පිවිසීමට පෙර බේලි මූල්‍ය ක්ෂේත්‍රයේ සේවය කළේය.
ලක්සන් පැවසුවේ තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සංවිධායක ස්කොට් සිම්ප්සන් ACC සහ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූර භාර ගන්නා බවයි.
මෑත ඡන්ද විමසීම්වලට අනුව, අගමැති ලක්සන් යටතේ සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ පළමු අමාත්‍යවරයා බේලි වන අතර, අග්‍රමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
1News-Verian මත විමසුම සහ Post/Freshwater Strategy මත විමසුම යන දෙක ම පෙන්නුම් කරන්නේ ඔහුගේ ජාතික නායකත්වයෙන් යුත් සභාග ආණ්ඩුවට ඡන්දදායකයින්ගේ සහයෝගය අහිමි වෙමින් පවතින බවයි.
පසුගිය කම්කරු රජය යටතේ වැඩි සෞඛ්‍ය සමානාත්මතාවක් ඇති කිරීමට උත්සාහ කිරීමට සහ නිර්මාණය කිරීමට පිහිටුවන ලද මාඕරි වැසියන්ගේ අයිතිවාසිකම් කප්පාදු විය හැකි බවට බොහෝ දෙනා තර්ක කළ පනතක් ඉදිරිපත් කිරීම සහ මඕරි සෞඛ්‍ය අධිකාරිය විසුරුවා හැරීම ඇතුළු සමහරක් මාඕරි විරෝධී ලෙස සලකන සමහර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජය මෑතකදී දැඩි විවේචනයට ලක් විය.
































