සජිත් ප්‍රේමදාස පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන සුදුසුකම් හෙළි කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (දෙසැම්බර් 18 වැනිදා) සිය අධ්‍යාපන සුදුසුකම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වන විට ගොඩ නැගී ඇති සංවාදයේ දිගුවක් වශයෙන් (දෙසැම්බර් 17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කරනු ලැබුවේ ය.
එහිදී විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ පසුදින එනම් අද දින (දෙසැම්බර් 18) සිය අධ්‍යාපන සුදුසුකම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසකම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ වන විට ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයකි.
නාමල් රාජපක්ෂගෙන් අභියෝගයක්
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ පෙර දින කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය විරෝධය පළ කළ අතර, අවශ්‍ය නම් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළ කරුණු ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේ දී අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.












