ඩිකී බර්ඩ්: 'ක්‍රිකට් පිටියේ ආදරණීය විනිසුරු' දිවිගමනට සමුදෙයි

හැරල්ඩ් "ඩිකී" බර්ඩ් 1933 වසරේ අප්‍රේල් මස 19 වැනිදා උපත ලැබුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් ම ආදරණීය විනිසුරුවරයා ලෙස හඳුන්වන හැරල්ඩ් "ඩිකී" බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 92ක් බව එංගලන්තයේ යෝක්ෂයර් ක්‍රීඩා සමාජයේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

හැරල්ඩ් "ඩිකී" බර්ඩ් 1933 වසරේ අප්‍රේල් මස 19 වන දා උපත ලැබුවේ ය.

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 69ක් විනිශ්චය කළ ඩිකී බර්ඩ් ක්‍රිකට් ලෝලීන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්ව සිටි විනිසුරුවරයෙකි.

ඔහු උපන් ප්‍රාන්තය වන යෝක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් 1956 වසරේදී ඉහළ පෙළේ පිතිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය.

පසු කාලීනව ඔහු යෝක්ෂයර් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් ඔහුට 1986 දී Order of the British Empire (MBE) සාමාජිකත්වය සහ 2012 දී Order of the British Empire (OBE) යන සම්මානවලින් පිදුම් ලැබී ය.

නිවේදනයක් නිකුත් කරමින් යෝක්ෂයර් ක්‍රීඩා සමාජය තහවුරු කළේ, හැරල්ඩ් "ඩිකී" බර්ඩ් සිය නිවසේදී සාමකාමීව සිය අවසන් හුස්ම හෙළූ බව ය.

"ඔහු ක්‍රීඩාශීලීත්වය, නිහතමානීකම සහ ප්‍රීතිය පිළිබඳ උරුමයක් සහිතව පරම්පරා ගණනාවක් පුරා රසිකයින් පිරිසක් රැක් කරගෙන තිබෙනවා," යැයි යෝක්ෂයර් ක්‍රීඩා සමාජය එම නිවේදනයේ සඳහන් කර තිබේ.