ඇමෙරිකානු ජනාධිපතිවරණ මත විමසුම්: ඉදිරියෙන් සිටින්නේ හැරිස් ද? ට්‍රම්ප් ද?

- Author, දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
- Role, බීබීසී
ඇමෙරිකාවේ ඡන්ද දායකයෝ ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නොවැම්බර් 5 වන දා ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටිති.
මෙම මැතිවරණය 2020 වසරේ පැවති ජනාධිපතිවරණයට අතිශය සමාන ස්වරූපයක් ගත් නමුත් ජනාධිපති ජෝ බයිඩ්න් සිය ප්‍රචාරණ කටයුතු අවසන් කර උපජනාධිපති කමලා හැරිස් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට අනුමත කිරීමත් සමග එය ජූලි මාසයේදී වෙනස් ස්වරූපයක් ගත්තේ ය.
දැන් ඇති විශාල ම ප්‍රශ්නය නම් - ප්‍රතිඵලයෙන් තහවුරු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය ද? නැතහොත් ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත්වන පළමු කාන්තාව ද? යන්න ය.
මැතිවරණ දිනය ළං වන විට, මත විමසුම් නිරීක්ෂණය කරමින් අඟහරුවාදා ජනාධිපති විවාදය වැනි දැවැන්ත සිදුවීම් ධවල මන්දිරය සඳහා වන තරගයට බලපාන්නේ කෙසේ දැයි අපි බලමු.
ජාතික මත විමසුම්වලට අනුව පෙරමුණේ සිටින්නේ කවුද?
තරගයෙන් ඉවත් වීමට ගත් තීරණයට මාස කිහිපයකට පෙර, මත විමසීම් නිරන්තරයෙන් පෙන්නුම් කළේ, බයිඩ්න් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වඩා පසුපසින් සිටින බව ය. එය උපකල්පිත වුව ද, හැරිස්ට ඊට වඩා හොඳ නොවන බව මත විමසීම් කිහිපයකින් යෝජනා විය.
නමුත්, ඇය ප්‍රචාරක මාවතට පිවිසීමෙන් පසු තරගය දැඩි වූ අතර ඇය එතැන් සිට පවත්වාගෙන ගිය ජාතික මත විමසුම්වල ඇගේ ප්‍රතිවාදියාට වඩා සුළු පරතරයකින් ඉදිරියෙන් සිටියි. අපේක්ෂකයින් දෙදෙනා සඳහා නවතම පුරෝකතන අගයන් පහත දැක්වෙන අතර, ආසන්නතම අගය ඊට එක් කර ඇත.
පහත ඡන්ද ප්‍රස්ථාරයට අනුව, හැරිස් තරගයට පිවිසීමෙන් පසු එම සාමාන්‍යයන් වෙනස් වී ඇති ආකාරය ප්‍රවණතා රේඛා මගින් පෙන්වන අතර තිත් මගින් තනි ඡන්ද ප්‍රතිඵල ව්‍යාප්තිය පෙන්වයි.
චිකාගෝහි පැවති ඇගේ පක්ෂයේ සිව් දින සමුළුවේදී හැරිස් 47%ක් ප්‍රතිශතයක් ලබා ගත් අතර, සියලු ඇමෙරිකානුවන්ට "ඉදිරියට නව මාවතක්" ලබා දෙන බවට දුන් පොරොන්දුවකින් ඇය අගෝස්තු මස 22 වන දා එය අවසන් කළා ය. එතැන් සිට ඇගේ ප්‍රතිශතයන් ඉහළ ගොස් ඇත්තේ, සුළු වශයෙනි.
ට්‍රම්ප්ගේ සාමාන්‍යය ද සාපේක්‍ෂව ස්ථාවරව පවතින අතර එය 44%ක් පමණ වේ. අගෝස්තු 23 වන දා ස්වාධීන අපේක්ෂකත්වයෙන් රොබට් එෆ්. කෙනඩි ඉවත්වීමෙන් පසුව ද එහි සැලකිය යුතු ඉහළ යාමක් දක්නට නොතිබිණි.
මෙම ජාතික මත විමසීම් සමස්තයක් ලෙස රට පුරා අපේක්ෂකයෙකු කෙතරම් ජනප්‍රිය ද යන්න පිළිබඳව දැන ගැනීමට ප්‍රයෝජනවත් වන මාර්ගෝපදේශයක් වන අතර, මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් පරිදි ඒවා නිවැරදි නොවේ.
එයට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදය තම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණ විද්‍යාල ක්‍රමයක් භාවිත කරන බැවින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීම ඔවුන් ජයග්‍රහණය කරන ස්ථානයට වඩා අඩු වැදගත්කමක් විය හැකි බැවිනි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපද 50ක් ඇති නමුත් ඉන් බොහෝමයක් සෑම විට ම පාහේ එක ම පක්ෂයට ඡන්දය දෙන බැවින්, අපේක්ෂකයින් දෙදෙනා ම ජයග්‍රහණය කිරීමට යථාර්ථවාදීව ඇති අවස්ථා පවතින්නේ අතළොස්සක් පමණි. ඡන්දයේ ජය පැරදුම තීරණය කරන එවැනි ප්‍රාන්ත සටන් බිම් ලෙස හඳුන්වයි.
ඡන්ද බලකොටුවල ජයග්‍රහණය කාට ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ වන විට, ඡන්ද බලකොටු ලෙස හඳුන්වන ප්‍රාන්ත හතේ මත විමසීම් ඉතා දැඩි බැවින්, තරගයේ පෙරමුණ ගෙන සිටින්නේ කවුරුන් ද යන්න දැන ගැනීම දුෂ්කර වී තිබේ. ජාතික මත විමසීම්වලට වඩා ප්‍රාන්ත මත විමසීම් අඩු බැවින් භාවිත කිරීමට ඇති දත්ත අඩු අතර සෑම මත විමසුමක ම දෝෂ පැවතිය හැකි ය.
මේ වන විට පවතින තත්ත්වය අනුව, මෑත සමීක්ෂණවලින් පෙනී යන්නේ, ප්‍රාන්ත කිහිපයක අපේක්ෂකයින් දෙදෙනා වෙන් කරන ප්‍රතිශතය එකකට වඩා අඩු ප්‍රමාණයක් ඇති බව ය. එයට පෙන්සිල්වේනියාව ද ඇතුළත් වන අතර එය ප්‍රධාන වන්නේ වැඩි ම මැතිවරණ ඡන්ද සංඛ්‍යාවක් පිරිනැමෙන ප්‍රාන්තය බැවින් ජයග්‍රාහකයාට අවශ්‍ය ඡන්ද 270 වෙත ළඟා වීමට එය පහසු කරවයි.
පෙන්සිල්වේනියාව, මිචිගන් සහ විස්කොන්සින් 2016 වසරේදී ජනාධිපති ධූරය දිනා ගැනීමේ මාවතේ ට්‍රම්ප් ඒවා ජය ගැනීමට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ බලකොටු විය. බයිඩ්න් 2020 දී ඒවා නැවත ජය ගත් අතර හැරිස්ට මේ වසරේ එය කළ හැකි නම්, ඇය මැතිවරණය ජයග්‍රහණය කරනු ඇත.
හැරිස් ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ දා සිට තරගය වෙනස් වී ඇති ආකාරය පිළිබඳ සලකුණක් ලෙස, ජෝ බයිඩ්න් තරගයෙන් ඉවත් වූ දිනයේ ඔහු මෙම බලකොටු හතේ සාමාන්‍යයෙන් 5%කට ආසන්න ප්‍රතිශතයකින් ට්‍රම්ප්ට වඩා පසුපසින් සිටියේ ය.
මෙම සාමාන්‍යයන් නිර්මාණය වන්නේ කෙසේ ද?
අප ඉහත ග්‍රැෆික් සඳහා භාවිත කර ඇති සංඛ්‍යා ඇමෙරිකානු ප්‍රවෘත්ති ජාලය වන ABC News හි කොටසක් වන polling analysis website 538, විසින් නිර්මාණය කරන ලද සාමාන්‍යයන් වේ. ඒවා නිර්මාණය කිරීම සඳහා, 538 ඡන්ද ආයතන විශාල සංඛ්‍යාවක් ජාතික වශයෙන් සහ ඡන්ද සටනක් පවතින ප්‍රාන්තවල සිදු කරන ලද තනි ඡන්ද විමසීම්වලින් දත්ත රැස් කරයි.
ඔවුන්ගේ තත්ත්ව පාලනයේ කොටසක් ලෙස, 538හි ඇතුළත් වන්නේ කොපමණ පුද්ගලයින් මත ඡන්දය ප්‍රකාශ කළේ ද, මත විමසීම සිදු කළේ කවදා ද සහ මත විමසුම පැවැත්වූ ආකාරය (දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ, මාර්ගගතව, ආදිය වැනි නිශ්චිත නිර්ණායක සපුරාලන ආයතනවල මත විමසීම් පමණි. )
ඔබට 538 ක්‍රමවේදය ගැන වැඩි විස්තර මෙතැනින් කියවිය හැකි ය.
මත විමසීම් විශ්වාස කළ හැකි ද?
මේ මොහොතේ, ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික වශයෙන් සහ බලකොටු ලෙස සැලකෙන ප්‍රාන්තවල එකිනෙකාගේ ප්‍රතිශත වෙනස් අගයන් ගන්නා බව ය - තරගය එතරම් සමීප වන විට, ජයග්‍රාහකයින් කවුදැයි අනාවැකි කීම ඉතා අපහසු ය.
2016 සහ 2020 යන දෙවාරයේ ම මත විමසීම්වලදී ට්‍රම්ප්ට හිමි වන සහයෝගය අවතක්සේරු කර තිබිණි. ඡන්ද පොළවල් ඔවුන්ගේ ප්‍රතිඵල ඡන්දදායක ජනගහනයේ සංයුතිය පිළිබිඹු කරන්නේ කෙසේ ද යන්න ඇතුළුව, විවිධ ආකාරවලින් එම ගැටලුව විසඳීමට උත්සහ කරනු ඇත.
එම ගැලපීම් නිවැරදි කර ගැනීමට අපහසු වන අතර නොවැම්බර් 5 වන දින ඡන්දය ප්‍රකාශ කිරීමට සැබවින් ම පැමිණෙන්නේ කවුරුන් ද යන්න වැනි වෙනත් සාධක පිළිබඳව මත විමසීම් කරන්නන්ට තවමත් අධ්‍යයනය කර අනුමාන කිරීමට සිදු වේ.
සටහන සහ නිෂ්පාදනය - මයික් හිල්ස් සහ ලිබී රොජර්ස්. සැකසුම - ජෝයි රොක්සාස්















