ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගෑනු කට්ටිය වැඩ කරනවා කියලා හැමෝම පුදුමෙන් බලන්නේ'
මුළුමනින්ම කාන්තාවන්ගේ අතින් බෝට්ටු අලුත්වැඩියා වන යාපනයේ පාසේවූරු හි පිහිටි බෝට්ටු අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් පිළිබඳව බීබීසී සිංහල සේවයට වාර්තා විය.
ඒ දේවකුමාර් මහතා විසින් පවත්වාගෙන යන මෙහි විශේෂත්වය වන්නේ එහි සියලු කටයුතු සිදුකෙරෙන්නේ කාන්තාවන් අතින් වීමයි. යාපනය අර්ධදීපයට අයත් සියලු ආකාරයේ බෝට්ටු අලුත්වැඩියා කටයුතු මෙහිදී සිදුකෙරෙන අතර විවිධ වයස් මට්ටම්වල කාන්තාවන් එහි සේවයේ යෙදෙයි.
මෙහි සේවයේ යෙදෙන සියලු කාන්තාවන් යුද්ධයේ සෘජු වින්දිතන් වන අතර ඔවුන්ගේ ජීවනෝපාය හරහා පවුල් ගණනාවක් රැකබලා ගැනීමට ඔවුහු සමත්ව තිබේ.
බෝට්ටු අලුත්වැඩියා කිරීම් මුලින්ම ආරම්භ කළ සමයේදී බොහෝ දෙනා තමන් දෙස විස්මයෙන් බැලු බවත් තමන් ඉහළ ආත්ම තෘප්තියකින් සේවය කරන බවත් එහි සේවයේ කරන පාවන්නා රසන්නී අප හා කියා සිටියාය.