'ඩෙස් එකක් වැදුනත් බිත්ති කඩාගෙන වැටෙනවා. වහලත් අවදානම්'

'ඩෙස් එකක් වැදුනත් බිත්ති කඩාගෙන වැටෙනවා. වහලත් අවදානම්'

නැගෙනහිර පළාතේ අම්පාර බණ්ඩාරනායක ජාතික පාසලේ ප්‍රාථමික දරුවන් 450ක් පමණ අධ්‍යාපනය ලබන ගොඩනැගිල්ල ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බව දෙමව්පියෝ පවසති.

වසර පනහකට වඩා පැරණි මේ ගොඩනැගිල්ලේ බිත්ති දිරාපත් වී ඇති අතර තහඩු සෙවිලි කළ වහල ද කඩා වැටීමේ අවධානමක් ඇතැයි වාර්තා වේ.

මේ ගැන අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ ද මේ දක්වා විසඳුමක් නොලැබුණු බව මව්පියෝ BBC සිංහල සේවයට පැවසූහ.

නැගෙනහිර පළාතේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. මේ පාසලට ඇතැම් ගොඩනැගිලි අලුතෙන් සෑදු අතර එහි දී මේ අවධානම ගැන එතරම් අවදානයක් යොමු නොවූ බව ඔහු කියා සිටියේය.

ඉදිරියේ දී විශාල විනාශයක් සිදුවන්නට පෙර මේ අනතුරුදායක තත්ත්වය ගැන අවධානය යොමු කරන්නැයි මව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.