ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුහුදක් නැති මැදවච්චියේ 'වෙරළේ නීතියට' බීච් වොලිබෝල් ක්‍රීඩා කර රන් පදක්කම් දිනූ මිතුරෝ
මුහුදක් සහ වෙරළක් නැති අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මැදවච්චිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු 34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 'බීච් වොලිබෝල්' තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
වැසි දිනවලට පිටිය මඩ වූ පසු වෙරළක ස්වභාවය පයට දැනෙන පරිදි භූමිය සකස් කරගෙන මෙම තරුණයන් පුහුණුවීම් කටයුතු සිදු කළ බව ඔවුන්ගේ පුහුණුකරු පැවසුවේය.
''2019 සිට අපි බීච් වොලිබෝල් ක්‍රීඩාව කරනවා.නමුත් තවම අපිට මැදවච්චියට බීච් වොලිබෝල් කෝට් එකක් නැහැ. බලධාරීන්ට කිවුවට තවම කිසිම ප්‍රතිචාරයක් නැතැයි'' රන් පදක්කම්ලාභී ක්‍රීඩක හර්ෂ සඳුන් බණ්ඩාර BBC සිංහල සේවයට පැවසුවේය.