ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම එංගලන්තයේ මහ බැංකුව කඩන්න ද?'
ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බවත් එය පසුගිය වසර දෙක තුළ බිලියන 100 දක්වා වැඩි වූ බව පැවසීම අසත්‍යක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජූලි 02) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
ණය පිළිබද දැනට ඇතිකරගෙන ඇති එකඟතා සහ ඒවායේ ප්‍රගතිය ගැන ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අද පාර්ලිමේන්තුව කැඳවා තිබිණි.
එහිදී අනුර කුමාර දිසානායකගේ අනුගාමිකයෙකු සමාජ මධ්‍යයේ පළ කළ බව කියන ප්‍රකාශයක් පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේය.
''අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා ඩොලර් බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. පහුගිය අවුරුදු දෙකේ අපි බිලියන 100ක් දක්වා ණය ගත්ත බවත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත්කළාට පස්සේ කිසිම රටක් ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. ඉතිං මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? කිසිම රටක් ණය දෙන්නේ නැති නම් මම කොහොමද ණය ගන්නේ? මම එංගලන්තයේ මහ බැංකුව කඩන්න ද? ඒක මම දන්නේ නෑ. දැම්ම පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක ගැන'' යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේය.