ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආචාර්ය නන්දලාල් වීරසිංහ :‘කඩාගෙන යන සරුංගලයට අපි නූලක් දාලා පාලනය කළා’
ආර්ථිකය ගොඩනැගීම සඳහා 'මීට වඩා අමාරු ගමනක් එකදිගට එක් පැත්තකට ගමන් කළ යුතුව ඇතැයි' මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
අභියෝග සහ අමාරුකම් ඉදිරියටත් පැමිණිය හැකි බව ඔහු සඳහන් කළේය.
බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ මේ වසර අග වනවිට උද්ධමනය තනි අගයකට ගෙන ඒමට පියවර ගන්නා බවයි.
ඔහු සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුගතකරණ සාකච්ඡා සාර්ථකව අවසන් කර ඉදිරි වසර 10 තුළ රජයේ ණය ස්ථාවර කිරීම එක් අභියෝගයක් බවයි.
IMF ගිවිසුමේ ඇති ප්‍රතිසංස්කරණ ඉදිරි වසර හතර තුළ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යා යුතුව ඇතැයිද ඔහු පැවසීය.