ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බඹරුන්ට සහ දෙබරුන්ට පෙම් බඳින නුවර තරුණියෝ
මහනුවර, පේරාදෙණියේ ජීවත්වෙන මේඝා සමාධි විජේසිංහ මී මැස්සන්, බඹරුන් සහ දෙබරුන් සංරක්ෂණය වෙනුවෙන් කැපවුණු තරුණියකි.
ඇය බිඟුන් සුරැකීමේ සංවිධානය සමග එක්ව මිනිසුන්ට අනතුරුදායක ස්ථානවලින් බඹරුන් සහ දෙබරුන් ඉවත් කරන්නට කටයුතු කරයි.
''පරාගනය සිද්ධ වෙන්න, මේ ලෝකයේ පැවැත්මට බිඟුන් විශාල මෙහෙවරක් කරනවා. අපි මීමැස්සන්ට, බඹරුන්ට සහ දෙබරුන්ට අනවශ්‍ය ලෙස බිය යුතු නැහැ. ඒ පණිවුඩය සමාජගත කරලා, උන්ගේ වටිනාකම අවබෝධ කර දීලා බිඟු සම්පත රැක ගන්නයි අපි උත්සාහ කරන්නේ.'' යනුවෙන් මේඝා සමාධි BBC සිංහල සේවයට පැවසීය.
2015 වසරේ දී උසස් පෙළ සිසුවියකව සිටිය දී වික්ටෝරියා වේල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ඉතා අනතුරුදායක ස්ථානයක පිහිටි බඹර වැඩ ඉවත් කිරීමට ද ඉදිරිපත් වීම නිසා ඇය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූවාය.