ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මට දැන් ඕනේ මගේ දරුවන් මිහිදන් කරපු තැනට ගිහින් ඒ අයට මලක් පහනක් තියලා එන්න': කැනඩාවේදී දරුවන් සිව් දෙනෙකු සමග ඝාතනයට ලක් වූ දර්ශනීගේ මව බීබීසීයට කතා කරයි
පසුගිය වසරේ කැනඩාවේ ඔටාවාහිදී ශ්‍රී ලාංකික දරුවන් සිව් දෙනෙකු, ඔවුන්ගේ මව සහ තවත් එම පවුලේ හිතවතෙකු ඇතුළු හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 20 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා අධිකරණයේදී වරද පිළිගත්තේ ය.
සැකකරු එම දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහට පහර දී ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද වරද පිළිගත් අතර ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ මිනීමැරීමට තැත් කිරීම සඳහා වසර 25ක සිර දඬුවමක් එකවර නියම විය.
සිය දරුවන් සිව් දෙනා සමග ඝාතනයට ලක් වූ දර්ශනී ඒකනායකගේ මව, කේ.කේ.ජේ.සී. ඒකනායක හමුවීමට බීබීසීය ගිය අතර ඇය එහිදී පළ කළ අදහස් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
ඇය බීබීසියට කියා සිටියේ, ඝාතනයට ලක් වූ තම දියණියට සහ මුණුපුරන් වෙනුවෙන් ගෞරව දැක්වීමට කැනඩාවට යාමේ අපේක්ෂාවෙන් තමා පසුවන බව ය.