ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නෑ අපි ඉන්නකල්. කොළඹ චීෆ් ARO මම'
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ නීති කඩ කරන විට නොදැක්කා සේ සිටින" මැතිවරණ කොමිෂන් සභාව විශ්වවිද්‍යාල සිසුන් කොළඹදී කළ විරෝධතාවක් වැළැක්වීමට කටයුතු කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (සැප්තැම්බර් 11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ය.
'අධ්‍යාපන අයිතීන් තහවුරු කිරීම' යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට මැතිවරණ නිලධාරියෙකු පොලීසිය සමග එක්ව ඊයේ ක්‍රියා කළේ ය.
එහිදී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු දස දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනිණි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා මේ දිනවල පෙළපාළි පැවැත්වීමට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.