The Pulitzer Prize: වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පීන් අතරට එක්වුණු එරංග ජයවර්ධන

එරංග ජයවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Pamod Nilru| Facebook

මුද්‍රිත මාධ්‍යකරණය උදෙසා පිරිනැමෙන ලොව ඉහළ ම ත්‍යාගයක් ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගයේ (The Pulitzer Prize) උණුසුම් පුවත් කාණ්ඩයේ (Breaking News) දෙවන ස්ථානය සමව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන එරංග ජයවර්ධන සමත් වී තිබේ.

ඔහු Associated Press (AP) ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් පුවත් ආවරණයේ යෙදී සිටී.

පුලිට්සර් ත්‍යාගය යනු කුමක් ද?

පුලිට්සර් ත්‍යාගය යනු කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Pulitzer Prizes Web Site

මුද්‍රිත මාධ්‍යකරණය, සාහිත්‍යය සහ සංගීත සංයෝජන වෙනුවෙන් පිරිනැමෙන ලොව වඩා ත් ගෞරවණීය ත්‍යාගයක් ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගය ආරම්භ වූයේ, 1917 වසරේදී ය.

ඒ,ඇමෙරිකාවේ ගෞරවණීය පුවත්පත් ප්‍රකාශකයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ජෝසෆ් පුලිට්සර්ගේ ප්‍රතිපාදනවලිනි.

එමගින්, කාණ්ඩ 21ක් යටතේ මුද්‍රිත මාධ්‍යකරණය, සාහිත්‍යය සහ සංගීත සංයෝජන ක්ෂේත්‍රවල විශිෂ්ටයින් සඳහා වාර්ෂිකව ත්‍යාග පිරිනමයි.

අදාළ එක් ත්‍යාගයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 15,000කි.

"ත්‍යාගය ලැබුණේ මට නොවෙයි"

"2023 වසරේ පුලිට්සර් ත්‍යාගය ශ්‍රී ලංකාවේ එරංග ජයවර්ධනට හිමි වී ඇති" බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වී තිබේ.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය එරංග ජයවර්ධනගෙන් විමසීමක් කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඇත්තට ම ඒ තෑග්ග මට ලැබුණෙ නෑ. මම ඒ ත්‍යාගයේ දෙවන ස්ථානය විදිහට සලකන්න පුළුවන් නිර්දේශිත නාම අතර අවසන් කිහිප දෙනා අතර කෙනෙක්," එරංග ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

එරංග ජයවර්ධන ගෞරවයට පාත්‍ර වූ උණුසුම් පුවත් කාණ්ඩයේ ත්‍යාග ලාභියා ලෙස නම් කර ඇත්තේ, ඔහු සේවය කරන ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ ම ඡායාරූප කාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ ඡායාරූප ගොන්නකි.

ඒවා යුක්‍රේන යුද්ධයේ පළමු සතියේදී සිදුවූ පහරදීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වූ ආකාරය දැක්වෙන ඡායාරූප වේ.

දෙවන ස්ථානය (FINALISTS) සඳහා ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ එරංග ජයවර්ධන සහ ඉන්දියාවේ රෆීක් මක්බූල් නම් කර ඇත.

පළමු ස්ථානය හිමි නොවුව ද, පුලිට්සර් ත්‍යාගයේ අවසන් දෙවන ජයග්‍රාහකයා වීම පිළිබඳව සතුටට පත් වන බව ඔහු පැවසීය.

මේ පිළිබඳව අපි එරංග ජයවර්ධනගෙන් අදහස් විමසීමු.

"මේ ත්‍යාගයට ඉල්ලුම් කළේ මම නෙවෙයි. ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය තමයි අපේ ඡායාරූප ඒ සඳහා යොමු කළේ. ඒ හරහා තමයි මට මේ අවස්ථාව හිමි වුණේ. අපි පැකේජ් එකක් ඉදිරිපත් කළා‍. ඒ පැකේජ් එකේ ඡායාරූප මගේ සහ රෆීක්ගේ," එරංග ජයවර්ධන පැහැදිලි කළේ ය.

පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබුණේ, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප කිහිපයකි.

ඡායාරූප මූලාශ්‍රය, Dinuka Jayawardena|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, එරංග ජයවර්ධන ඡායාරූප වාර්තාකරණයේ යෙදෙන අවස්ථාවක්

අරගලය වාර්තාකරණය

පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබුණේ, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප කිහිපයකි.

ඒ අතර, අරගලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්, රජයේ ගොඩනැගිලි විරෝධතාකරුවන් අත්පත් කර ගැනීම් සහ විශේෂයෙන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම වැනි අවස්ථාවලදී ගත් ඡායාරූප විය.

පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබු, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප අතරින් එකක්

ඡායාරූප මූලාශ්‍රය, Eranga Jayawardena | AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබු, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප අතරින් එකක්
පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබුණේ, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, Eranga Jayawardena | AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබු, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප අතරින් එකක්
පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබුණේ, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, Eranga Jayawardena |AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඉදිරිපත් කර තිබු, එරංග ජයවර්ධන විසින් ඡායාරූපගත කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු අර්බුදකාරී සිද්ධි සහිත ඡායාරූප අතරින් එකක්

එරංග ජයවර්ධන යනු ඡායාරූපකරණය වෙනුවෙන් කැපවුණු පරම්පරාගත පවුලක එක් පුරුකකි.

"මගේ සීයා වින්සන්ට් ජයවර්ධන. එයා ඡායාරූප ශිල්පියෙක්. ඡායාරූප මුද්‍රණ ශිල්පියෙක්. ලේක් හවුස් එකේ ත් වැඩ කළා. මගේ තාත්තා තිලකරත්න ජයවර්ධන ත් ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කළා. එයා කොළඹ නගර සභාවේ නගරාධිපතිගේ නිල ඡායාරූප ශිල්පියා විදිහට අවුරුදු 30ක් විතර වැඩ කළා. ඒ නිසා ඡායාරූපකරණය කියන දේ මට ගෙදරින් ම අභාසයක් ලැබුණා."

පාසල් වයසේදී ම පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වීම

"මම සම්මාන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම පින්තූර ගත්තේ වෘත්තියමය පරිමිතිය ඇතුළේ ඉඳගෙන. මම හරියට රස්සාව කරලා ගෙදර යන කෙනෙක්,"

ඡායාරූප මූලාශ්‍රය, Anuruddha Lokuhapuarachchi| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම සම්මාන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම පින්තූර ගත්තේ වෘත්තියමය පරිමිතිය ඇතුළේ ඉඳගෙන. මම හරියට රස්සාව කරලා ගෙදර යන කෙනෙක්"

කොළඹ, නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පුවත්පත් ඡායාරූපකරණයට පිවිස ඇත්තේ, පාසල් වියේදී ම ය.

"මම මුලින් ම පත්තරයකට සම්බන්ධ වුණේ, සාමාන්‍ය පෙළ විභාගය ලියලා ප්‍රතිඵල එනකම් බලා සිටිය කාලයේ. මුලින් ම වැඩ කළේ, උපාලි පුවත්පත් සමාගමේ නවලිය පත්තරේට," එරංග පැවසීය.

පසුව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඡායාරූපකරණය පිළිබඳව හදාරා උපාලි පුවත්පත් සමාගමට සම්බන්ධ වී වසර ගණනක් සේවය කර තිබේ.

"මේ වෙලාවේ එක දෙයක් මතක් කළ යුතු ම යි. මට වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් විදිහට ගොඩ නැගෙන්න ලොකු ශක්තියක් වුණේ, උපාලි පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා යි. ඔහු මට නවීන කැමරා සහ උපකරණ ගෙනත් දුන්නා. ඒවායින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා."

ඔහු ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයට සම්බන්ධ වී ඇත්තේ, 2002 වසරේදී ය. එම ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් ආවරණය කිරීමේ වගකීම ඔහු මත පැවරී තිබේ.

පුලිට්සර් ත්‍යාග කමිටුව පවසන ආකාරයට 2004 වසරේ සුනාමි ව්‍යසනය, ශ්‍රී ලංකාවේ කුරිරු සිවිල් යුද්ධය සහ මානව හිමිකම් ගැටලු, 2010 නවදිල්ලියේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල, 2011 ක්‍රිකට් ලෝක කුසලානය, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල, බහු-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා මාලදිවයිනේ පැවති මහජන ජනමත විචාරණය ආදී ගෝලීය වැදගත්කමකින් යුත් අවස්ථා රැසක් සාර්ථකව ආවරණය කිරීමට එරංග ජයවර්ධන සමත් වී ඇත.

"මම සම්මාන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම පින්තූර ගත්තේ වෘත්තියමය පරිමිතිය ඇතුළේ ඉඳගෙන. මම හරියට රස්සාව කරලා ගෙදර යන කෙනෙක්," එරංග ජයවර්ධන පැවසීය.

ඔහු ඡායාරූපකරණයේ විවිධ අත්හදා බැලීම් වෙනුවෙන් උනන්දුවක් දක්වන්නෙකි.

"මම හිතනවා මගේ විෂයට මම මොනවා හරි දෙන්න ඕනේ. මම මගේ විෂයෙන් මොනවා හරි ගන්න ඕනෙ කියලා. එතකොට තමයි මම ත් දියුණු වෙන්නෙ, විෂය ත් දියුණු වෙන්නෙ. ඒ නිසා මම අත්හදා බැලීම් ටිකක් කරගෙන යනවා. පුවත් ඡායාරූපකරණයේදී සෞන්දර්යය පාවිච්ච කරන්න පුළුවන් ද? කියලා උත්සහ කරලා බැලුවා. මාධ්‍යකරණයට ආර්ථිකය වැදගත් වෙන නිසා ආර්ථික විද්‍යාව ගැන ත් ඉගෙන ගත්තා."