ශ්වසනාබාධිතයන් අනතුරේ හෙළන ශ්‍රී ලංකාව වසාගත් මීදුම ගැන දැනගත යුතු කරුණු

Colombo air quality low

සමකාසන්න, හොඳින් හිරු එළිය ලැබෙන රටක් වන ශ්‍රී ලංකාව මේ වන විට හිරු නොදකින රටක්බවට පත්ව තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසක බ්‍රහස්පතින්දා (දෙසැ: 08) දහවල් 12 වන විටත් දක්නට ලැබුණේ මන්දාරම් ස්වභාවයකි. වෙනදා දක්නට නොලැබෙන මීදුම් පටලයකින් ද වායුගෝලය වැසී තිබිණි.

වායු තත්ත්ව දර්ශකයට (Air Quality Index) අනුව කොළඹ වායු තත්ත්ව දර්ශකය ඒකක 187ක් ලෙස සටහන් විය. එය සෞඛ්‍යයට හිතකර නොවන තත්ත්වයක් ලෙස වර්ගීකරණයකර ඇත.

වායු තත්ත්ව දර්ශකය සාමාන්‍යයෙන් ඒකක 150ත් 200ත් අතර අගයක පවතින්නේ නම් එය සෞඛ්‍යයට හිතකර නොවේ. 

හදිසියේ ඇතිවූ මේ තත්ත්වයට බලපා ඇති සාධක මොනවාදැ යි බීබීසී සිංහල සේවය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරිගෙන් විමසීමක් කළේ ය.

"මේකට ඉන්දියාවේ වායු දූෂණය වගේම ශ්‍රී ලංකාවේ තත්ත්වයත් බලපාලා තියෙනවා. ඉන්දියාව හරහා හමා යන මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම නිසා ලංකාව දෙසට ඒ අහිතකර වායුව ඇදී එන නිසයි මේක වෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

වැඩි බලපෑමක් සහිත ප්‍රදේශ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකය පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක මෙම තත්ත්වය දැකගත හැකි වූ බව ය.

ඒ අනුව, කොළඹ, මහනුවර, කුරුණෑගල, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණු බව එම සංවිධානය පැවසීය.

මේ පිළිබඳව විවිධ ප්‍රදේශවල දී නිරීක්‍ෂණය කළ පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබිණි. 

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

ශ්වසන රෝගීන්ට අවදානමක්

වායු දූෂණය ඉහළ අගයක් ගෙන තිබීම ශ්වසනාබාධ සහිත පුද්ගලයින්ට අවදානම් තත්ත්වයක්බවට ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි අනතුරු ඇඟවීය.

"මේ තත්ත්වය හැමෝටම අහිතකර යි. විශේෂයෙන්ම ශ්වසනාබාධ සහිත පුද්ගලයින්ට අවදානම වැඩියි. ඒ නිසා එවැනි පුද්ගලයන් ප්‍රවේශම් වීම වැදගත්."

Colombo air quality low
ඡායාරූප ශීර්ෂ වැකිය, අද කොළඹ නගරය

අවදානමෙන් මිදෙන්නේ කෙසේ ද?

"අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳිය යුතු යි. KN 95 වගේ මාස්ක් එකක් නම් වඩාත් සුදුසු යි," විද්‍යාඥ ප්‍රේමසිරි පැවසීය.

ඔහු අවධාරණය කළේ, ශ්වසන රෝග ඇති පුද්ගලයින් නිවසින් පිටතට නොයාම වඩාත් සුදුසුබව ය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 3

යථා තත්ත්වයට පත්වන්නේ කවදා ද?

බොහෝ විට සිකුරාදා (දෙසැ: 09) වන විට වායුගෝලය යථා තත්ත්වයට පත්වනු ඇතැ යි විද්‍යාඥ ප්‍රේමසිරි පැවසීය. 

"ඉන්දියාව පැත්තට යන සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ. සුළං අඩුවුණාට පස්සේ දූෂිත වායු ශ්‍රී ලංකාවට එන එක අඩුවෙයි."

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 4

ඉන්දියාවේ තත්ත්වය

මේ වන විට ඉන්දියාවේ ප්‍රදේශ රැසක දැඩි වායු දූෂණ තත්ත්වයක් පවතියි.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ, නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 387ක් දක්වා ඉහළ ගොස් ඇතිබව ය.

ඉන්දියාවේ අස්වනු නෙළීමෙන් පසු ඉවත දමන ශාක කොටස්වලට ගිනි තැබීම සහ රථවාහනවලින් පිටවන දුම් හේතුවෙන් සෑම වසරකම මෙම තත්ත්වය උද්ගත වේ.