ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'උතුරු කොරියාවට මුදල් යැවීම ඔත්තු බලන චිත්‍රපටයක් හා සමානයි'
'උතුරු කොරියාවට මුදල් යැවීම ඔත්තු බලන චිත්‍රපටයක් හා සමානයි'
උතුරු කොරියාවෙන් පළා ගොස් දකුණු කොරියාවේ ජීවත් වෙන අය තම පවුල් වෙත මුදල් යැවීමට තැරැව්කරුවන් මත විශ්වාසය තබති.
දකුණු කොරියාවේ සිට මුදල් ගෙන්වා ගැනීමට උතුරු කොරියාවේ නිත්‍යානුකුල ක්‍රමවේදයක් නොමැති වීම නිසා තැරැව්කරුවෝ දැඩි අවධානමක් ගෙන මුදල් හුවමාරුව සිදු කරති.
මෑතක් වන තුරු, දකුණු කොරියාවේ බලධාරීන් විසින් මේ සඳහා යම් අවස්ථාවක් ලබා දුන්න ද තවදුරත් එය හිමි නොවේ. උතුරු කොරියාවෙන් පලා ගිය අයට තම ආදරණීයයන්ට මුදල් යැවීමට උපකාර කරන ඇතැම් තැරැව්කරුවන් සමඟ කතා කිරීමට බීබීසී කොරියානු සේවයට හැකි විය.