ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පලස්තීන සහ ඊශ්‍රායල් වැසියන්ට කොළඹදී ලැබුණු සහයෝගය
යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඊශ්‍රායල් වැසියන්ට මෙන්ම පලස්තීන වැසියන්ට සහය පළ කරමින් ශ්‍රී ලංකාවේ ද උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙමින් තිබේ.
එවැනි එක් විරෝධතාවයක් අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානය ඉදිරිපිට පැවැත්වුණි. පලස්තීනයට සහය පළ කරමින් එය සංවිධානය කර තිබුණේ ජන අරගල ව්‍යාපාරය විසිනි.
''පලස්තීන ජනතාවට එරෙහිව කරන මේ කුරිරු ක්‍රියාව අපි හෙළා දකිනවා. ගාසා තිරයෙන් මේ හමුදා ඉවත් විය යුතුයි'' යනුවෙන් මේ විරෝධතාවයට එක් වූ දුමින්ද නාගමුව පැවසුවේය.
මේ අතර ඊශ්‍රායලයට සහය පළ කරන විරෝධතාවයක් ද කොළඹදී පැවැත්වුණි. ඊශ්‍රායල් - ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරය එය සංවිධානය කර තිබුණි.
''පලස්තීනයේ හමාස් සංවිධානයේ මේ ප්‍රහාරය යුද අපරාධයක් සේ සලකා කටයුතු කරන්න කියලා අපි එක්සත් ජාතීන්ට බලපෑම් කරනවා' යනුවෙන් ඊශ්‍රායලයට සහය පළ කරමින් පැවති විරෝධතාවයට එක් වූ පුජ්‍ය සේනාපති ආනන්ද හිමි පැවසූහ.