රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට

සනත් නිශාන්ත : රාජ්‍ය අමාත්‍යවරයා රිය අනතුරකින් ජිවිතක්ෂයට

ඡායාරූප මූලාශ්‍රය, Sanath Nishantha|Facebook

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (ජනවාරි මස 25 වෙනිදා) කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල සේවයට පැවසුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු ජීප් රථය අධිවේගී මාර්ගයේ කඳාන පොලිස් බල ප්‍රදේශයේ 11.1 සැතපුම් කණුව අසලදී කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.

කන්ටේනර් රථයේ පසුපස ගැටීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටේහි ද ගැටී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේය.

අනතුරින් එම රථයේ ගමන් කරමින් සිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, එතුමාගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් සහ රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇත.

රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර බීබීසී සිංහල සේවයට පැවසුවේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර බීබීසී සිංහල සේවයට පැවසුවේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පැවසීය.

රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර බීබීසී සිංහල සේවයට පැවසුවේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.