'අපිට හස්බන්ඩ්ගේ ෆියුනරල් එකටවත් යන්න බැරි වුණා': එක්සත් රාජධානියේ යෝජිත නව නීති නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෝ

එක්සත් රාජධානියේ යෝජිත නව නීති නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෝ
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 7

"අපි මෙහෙට ආවට පස්සේ තීරණය කළා අවුරුදු 5න් පස්සේ ළමයෙක් හදනවා කියලා. ස්ථිර පදිංචිය දෙන එක අවුරුදු 10 හෝ 15 කරනවා කියන්නේ අපිට ළමයෙක්ගේ සිහිනයට යන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ."

දැනට එක්සත් රාජධානියේ දිවි ගෙවන මහේෂ් කැළුම් එරට රජය විදේශිකයන්ට බලපාන වීසා නීතියක් වෙනස් කිරීමට යෝජනා කර ඇති නිසා සිය ජීවිතයට විය හැකි බලපෑම පිළිබඳව බීබීසී සිංහල සේවයට එලෙස විස්තර කළේ ය.

එක්සත් රාජධානියේ ජීවත්වීමේ ස්ථිර අයිතිය (Indefinite Leave to Remain) ලබා ගැනීමට විදේශිකයන් වෙනුවෙන් දැනට පවතින වසර 5ක සීමාව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය යෝජනා කර ඇති අතර එය එරට සිටින විදේශිකයන්ට බලපානු ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, එක්සත් රාජධානියේ යෝජිත නව නීති නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෝ

නව නීතිය 2021 වර්ෂයේ සිට එක්සත් රාජධානියට පැමිණ ඇති සංක්‍රමණිකයන් මිලියන 2.6කට පමණ බලපානු ඇති නමුත්, එරට ස්ථිර පදිංචිය මේ වන විටත් ලබාගෙන ඇති පුද්ගලයින්ට මෙම වෙනස්කම් අදාළ නොවනු ඇත.

Indefinite Leave to Remain (ILR) පහසුකම යට‍තේ, එක්සත් රාජධානියේ ස්ථිරව ජීවත් වීමට, සීමා නොමැතිව වැඩ කිරීමට සහ පොදු සේවා වෙත ප්‍රවේශ වීමට ඉඩ සැලසෙන අතර එය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීමේ ප්‍රධාන පියවරක් ද වේ.

දැනට පවතින නීතිය අනුව වසර 5ක කාලයක් තුළ එම පහසුකම ලබා ගත හැකි අතර යෝජිත වෙනස්කම් යටතේ එම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

'අපිට තේරුණා ILR එක ලැබෙනකල් ළමයෙක් හදන්න අමාරු යි කියලා'

වසර දෙකකට වැඩි කාලයක් මහේෂ් කැළුම් සිය බිරිඳ සමග එංගලන්තයේ දිවි ගෙවයි. එරටට සංක්‍රමණය වීමෙන් පසුව ඔවුන් තීරණය කර ඇත්තේ, ILR පහසුකම ලැබීමෙන් පසුව දරුවෙකු සිය පවුලට එකතු කර ගැනීමට ය.

ඡායාරූප මූලාශ්‍රය, Mahesh Kelum

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර දෙකකට වැඩි කාලයක් මහේෂ් කැළුම් සිය බිරිඳ සමග එංගලන්තයේ දිවි ගෙවයි.

එක්සත් රාජධානියේ රජය යෝජනා කර ඇති නව නීතියේ බලපෑම් එල්ල වන පිරිස අතරට 2021 වසරෙන් පසු එරට පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයන් ද අයත් වන අතර, බීබීසී සිංහල සේවයට ඒ අතරින් කිහිප දෙනෙකු සමග කතා කිරීමට හැකි විය.

වසර දෙකකට වැඩි කාලයක් මහේෂ් කැළුම් සිය බිරිඳ සමග එංගලන්තයේ දිවි ගෙවයි. එරටට සංක්‍රමණය වීමෙන් පසුව ඔවුන් තීරණය කර ඇත්තේ, ILR පහසුකම ලැබීමෙන් පසුව දරුවෙකු සිය පවුලට එකතු කර ගැනීමට ය.

කෙසේ වෙතත්, හඳුන්වා දීමට යෝජිත නව නීතිය ඊට හරස් වනු ඇතැයි ඔවුහු බියෙන් පසුවෙති.

"මෙහෙට ආවට පස්සේ වයිෆ්ගේ රැකියාවේ තත්ත්වය එක්ක අපිට තේරුණා ස්ථිර පදිංචිය ලබා ගන්න කලින් ළමයෙක් හදන්න අමාරු යි කියලා. හේතුව එයා සතියට දවස් 6ක් වැඩ කරනවා, හැම දා ම උදේ 7ට වැඩ පටන් ගන්නවා රෑ 8.45ට වැඩ ඉවර වෙන්නේ."

"එයාගේ රැකියාවේ ස්වභාවය එක්ක ළමයෙක් හදන එක ගොඩක් අමාරු යි. ඒ හින්දා අපි කල්පනා කළා අවුරුදු 5න් පස්සේ ළමයෙක් හදමු කියලා," මහේෂ් පැවසීය.

බ්‍රිතාන්‍ය රජය පැවති නීතිය වෙනස් කිරීමට ගත් තීරණයත් සමග සිය අනාගතය සම්බන්ධව අවිනිශ්චිත තත්ත්වයකින් පසුවන බව ද ඔහු කියා සිටියේ ය.

"මෙහෙ හරි අමාරු යි ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න. එතකොට අපි ස්පොන්සර්ෂිප් එකක් යටතේ ගොඩක් කාලයක් ඉන්නවා කියන්නේ ප්‍රයෝගිකව හරි අමාරුයි ඒක කරන්න."

'අන්තිමට එයත් නැති වුණා, මේවාට තනියම මූණ දෙන්න වෙනවා මට'

ඇය දරු තිදෙනා සමග එංගලන්තයේ සිටියදී මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් සිටි සැමියා හදිස්සියේ ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර වීසා ගැටලුවක් හේතුවෙන් සැමියාගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමට නොහැකි වූ බව කණස්සල්ලෙන් යුතුව කියා සිටියා ය.

ඡායාරූප මූලාශ්‍රය, Kushani Suraweera

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය දරු තිදෙනා සමග එංගලන්තයේ සිටියදී මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් සිටි සැමියා හදිස්සියේ ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර වීසා ගැටලුවක් හේතුවෙන් සැමියාගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමට නොහැකි වූ බව කණස්සල්ලෙන් යුතුව කියා සිටියා ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කුෂාණි සුරවීර 2023 වසරේදී සිය දරු තිදෙනා සමගින් එංගලන්තයට ගොස් ඇති අතර මේ වන විට ඇය එරට ජ්‍යෙෂ්ඨ සත්කාරක සේවා නිලධාරිනියක ලෙස සේවය නිරත වේ.

දරුවන්ට යහපත් අනාගතයක් උදා කිරීමේ අරමුණ වෙනුවෙන් බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වී ඇති තනි මවක් (Single Mom) වන ඇය පවසන්නේ, ස්ථිර පදිංචිය ලබා දීමේ කාලය දීර්ඝ කරනු ලැබුවහොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කළ යුතු වියදම් දරා ගැනීමට අපහසු බව ය.

"අවුරුදු පහේ එක අවුරුදු 10 කළොත් මම සිංගල් මම් විදියට ලොකු ප්‍රශ්න ගොඩකට ආර්ථික වශයෙන්, මානසික වශයෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තට ම හස්බන්ඩ් ලංකාවේ ඉද්දී අපි මෙහෙට ආවේ අවුරුදු පහෙන් මේක ලැබෙන හින්දා, අපේ ප්ලෑන් එක හින්දා. අපි දෙන්නා ම කතා වෙලා දරුවන්ගේ හොඳට කියලා ප්ලෑන් කරගෙන ආවේ. අන්තිමට ම එයත් නැති වුණා, ඊට පස්සේ පහේ එක දහය වුණොත් මේවාට තනියම මූණ දෙන්න වෙනවා මට."

වසර 5කින් එරට රැඳී සිටීමට පහසුකම ලැබුණහොත් සිය දරුවන්ට බ්‍රිතාන්‍ය දරුවන්ට හිමි වන ගාස්තු යටතේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට හැකි බවත් එසේ නොවුණහොත් විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව කුෂාණි සුරවීර කියා සිටියා ය.

ඇය දරු තිදෙනා සමග එංගලන්තයේ සිටියදී මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් සිටි සැමියා හදිස්සියේ ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර වීසා ගැටලුවක් හේතුවෙන් සැමියාගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමට නොහැකි වූ බව කණස්සල්ලෙන් යුතුව කියා සිටියා ය.

ඡායාරූප මූලාශ්‍රය, Kushani Suraweera

ඡායාරූප ශීර්ෂ වැකිය, මිය ගිය සැමියා සහ දරු තිදෙනා සමග කුෂාණි කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී ගත් සේයාරුවක්

'අපි කාටවත් හස්බන්ඩ්ගේ ෆියුනරල් එකට යන්න බැරි වුණා'

ඇය දරු තිදෙනා සමග එංගලන්තයේ සිටියදී මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් සිටි සැමියා හදිස්සියේ ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර වීසා ගැටලුවක් හේතුවෙන් සැමියාගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමට නොහැකි වූ බව කණස්සල්ලෙන් යුතුව කියා සිටියා ය.

"අපිට එයාගේ ෆියුනරල් එකටවත් යන්න බැරි වුණා. හේතුව ඒ වෙලාවේ අපේ වීසා රිනීවල් එකේ තිබුණේ. වීසා රිනීවල් එකේදි රටින් එළියට ගියොත් වීසා එක අයින් වෙනවා. එතකොට ආයේ අලුතින් දාන්න ඕනේ, අලුතින් දැම්මොත් මෙහේ අලුත් නීතිය හැටියට ඩිපෙන්ඩන්ට්ලාව ගේන්න බැහැ. ඒක නිසා අපි කාටවත් හස්බන්ඩ්ගේ ෆියුනරල් එකට යන්න බැරි වුණා."

දැනට බ්‍රිතාන්‍යයේ රැඳී සිටින විදේශිකයින්ට නව නීතිය බලනොපාන ලෙස අලුත් නීතී පනවන ලෙස කුෂාණි සුරවීර ඉල්ලා සිටින්නී ය.

'දරුවො කියනව ලංකාවට නම් යන්න බැහැ කියලා'


සිය දරු තිදෙනා සහ සැමියා සමගින් එක්සත් රාජධානියේ දිවි ගෙවන සෞඛ්‍ය සත්කාර සහයක කාණ්ඩයේ සේවය කරන කාංචනා රණසිංහ සඳහන් කළේ, නව නීතිය යටතේ ඔවුන්ට ILR පහසුකම ක්‍රියාත්මක වන කාල සීමාව අවුරුදු 15 දක්වා දීර්ඝ වන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Kanchana Ranasinghe

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය දරු තිදෙනා සහ සැමියා සමගින් එක්සත් රාජධානියේ දිවි ගෙවන සෞඛ්‍ය සත්කාර සහයක කාණ්ඩයේ සේවය කරන කාංචනා රණසිංහ සඳහන් කළේ, නව නීතිය යටතේ ඔවුන්ට ILR පහසුකම ක්‍රියාත්මක වන කාල සීමාව අවුරුදු 15 දක්වා දීර්ඝ වන බව ය.

"නීතිය ගේනවා කියලා වයිට් පේපර් එක අවුට් කරපු දවසේ රෑ බබාලා තුන් දෙන යි මම යි මහත්තය යි අපි පස් දෙනා ම නිදා ගත්තේ නැහැ. මොක ද දරුවෝ පාන්දර තුන හතර වෙනකම් ඇහැරලා ප්‍රශ්න කරනවා අපිට ආපහු යන්න වෙයි ද කියලා," වසර හතරකට ආසන්න කාලයක් එංගලන්තයේ ජීවත් වන කාංචනා රණසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවා ය.

ඇය සිය දරු තිදෙනා සහ සැමියා සමගින් එක්සත් රාජධානියේ දිවි ගෙවන අතර ඇය පවසන්නේ, මෙම නීතිය පිළිබඳව දැනුවත් වූ දිනයේ සිට එය මානසික පීඩාවක් වූ බව ය.

සෞඛ්‍ය සත්කාර සහයක කාණ්ඩයේ සේවය කරන කාංචනා රණසිංහ සඳහන් කළේ, නව නීතිය යටතේ ඔවුන්ට ILR පහසුකම ක්‍රියාත්මක වන කාල සීමාව අවුරුදු 15 දක්වා දීර්ඝ වන බව ය.

"මගේ ලොකු දුව යුනිවර්සිටි ගියොත් 2029 වෙනකොට අපි ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. මොක ද එයාගේ ඇම්බිෂන් එකේ විදියට ඩොක්ටර් කෙනෙක් වෙන්න අපිට ILR එක නැති වුණොත් ලොකු ගාණක් ගෙවන්න වෙනවා."

"මේක දැනගත්ත දවසේ රෑ දරුවො කිව්වේ අම්මේ ලංකාවට නම් යන්න බැහැ කියලා. අපි ආදරෙ යි ලංකාවට, අපි ගිහිල්ලා එන්න කැමැති යි, අපි ඒගොල්ලෝ බලාගන්න කැමති යි. නමුත් අපිට ලංකාවට නම් යන්න බැහැ කියලා කියනවා. මගේ පොඩි දෙන්නා එදා ඉඳලා ගූගල් එකේ සර්ච් කරනවා අපිට වෙන යන්න පුළුවන් රටවල් මෙනවා ද තියෙන්නේ කියලා. එච්චරට ඒක බලපාලා තියෙන්නේ ඒගොල්ලන්ට," ඇය වැඩිදුරටත් පැවසුවා ය.

බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලන සහනය කුමක් ද?

දැනට පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධානත්වයෙන් එරට සිටින අනෙකුත් විදේශ ජාතිකයන්ගේ ද එකතුවෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන පිරිස් නීතිමය සහන ලබා ගැනීමට සංවිධානය වී තිබේ.

එහි සම සංවිධායකවරයෙකු වන සචින්ත හෙට්ටිතන්ත්‍රි බීබීසී සිංහල සේවය වෙත සඳහන් කළේ, අදාළ නීතිය ක්‍රියාත්මක වන දිනට එරට සිටින විදේශිකයන්ට හැර ඉදිරියට බලපාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටින බව ය

"මෙහෙ ඉන්න පිරිසට මේක බලපාන්නේ නැති වෙන්න. ඒ කියන්නේ මේක ඉම්පිලිමන්ට් කරන්නේ අප්‍රේල් 01 වෙනි දා නම් ඊට කලින් ඉන්න හැමෝට ම පරණ රූල්ස් බලපාන්න ඕනේ. ඊට පස්සේ එන අයට අලුත් නීතිය බලපාන එක ප්‍රශ්නයක් නැහැ."

කෙසේ වෙතත් අදාළ නීතිය දැනට එසේ වෙනස් කිරීමකින් තොරව ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබා ගෙන ඇති බව ද ඔහු කියා සිටියේ ය.

නීති වෙනස් වුවහොත් සිදුවන වෙනස්කම් මොනවා ද?

යෝජිත වෙනස්කම් යටතේ එම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කෙරනු ඇත. නමුත් නිර්ණායක කිහිපයක් යටතේ එම කාලය දීර්ඝ හෝ කෙටි වනු ඇත. එම නිර්ණායක පහත පරිදි වේ;

  • අවම වශයෙන් වසර 12ක කාලයක් රජයේ ප්‍රතිලාභ ලබා ගන්නා නීත්‍යනුකූල සංක්‍රමණිකයින්ට වසර 15ක් බලා සිටීමට සිදුවනු ඇත.
  • යුරෝපා සංගමයෙන් ඉවත් වීමට එක්සත් රාජධානිය ගත් තීරණයෙන් පසු (Brexit) සෞඛ්‍ය (health visa) සහ සමාජ සත්කාර රැකියා (social care visa) වීසා මත එක්සත් රාජධානියට පැමිණි පුද්ගලයින්ට අයැදුම් කිරීමට වසර 15ක් එක්සත් රාජධානියේ ජීවත් වීමට සිදුවනු ඇත. එම කාලය මීට පෙර වසර 5ක් ලෙස පැවතිණි.
  • මාස 12කට වැඩි කාලයක් ප්‍රතිලාභ මත යැපෙන සංක්‍රමණිකයින්ට පදිංචිය සඳහා වසර 20ක කාලයක් බලා සිටීමට සිදු වන අතර එය වත්මන් කාලයට වඩා හතර ගුණයකින් වැඩි සහ යුරෝපයේ දීර්ඝතම කාලය බව පැවසේ.