ලෝකයේ ශිෂ්‍ය ප්‍රජාව තුළ බ්‍රිතාන්‍යය කෙරෙහි තිබූ ආකර්ෂණය අඩු වෙමින් පවතිනවා ද?

UK

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සයිමන් ගිල්බර්ට් සහ ඇලික්ස් හැටන්ස්ටෝන්
    • Role, බීබීසී

පසුගිය වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර සිසු සිසුවියන් අතර වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් වූ එක්සත් රාජධානිය කෙරෙහි පැවති ආකර්ෂණය දැන් අඩු වෙමින් තිබේ ද?

එක්සත් රාජධානියේ ස්වදේශීය කටයුතු කාර්යාලයේ (Home Office) සංඛ්‍යා ලේඛනවලට අනුව, එක්සත් රාජධානියේ අනුග්‍රහය ලබන අධ්‍යයන වීසා සංඛ්‍යාව 2023දී පැවති 600,024ක සිට 2024 වන විට 415,103 දක්වා 31%කින් පහත වැටී ඇත. ඒ සමගම බොහෝ විශ්වවිද්‍යාල පිහිටි නගර අපේක්ෂා කළ ආදායම ද අඩු වී තිබේ.

සංක්‍රමණ කප්පාදු කිරීම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් "එක්සත් රාජධානියේ පවතින අධ්‍යාපනයෙන් පසු රැකියා ලබා ගැනීමේ අවස්ථා පිළිබඳව සැලකිය යුතු අවිනිශ්චිතභාවක්" මතු වී ඇතැයි ආයතන 141ක් නියෝජනය කරන Universities UK ආයතනය පවසයි.

ආණ්ඩුව පවසන්නේ, ජාත්‍යන්තර සිසු සිසුවියන් "සෑම විටෙකදී ම ආදරයෙන් පිළිගන්නා නමුත්, පසුගිය වසර ගණනාවක් තිස්සේ අනපේක්ෂිත සංක්‍රමණික සීමා කිරීම් නිසා, එම සංඛ්‍යාවන් සැලකිය යුතු ලෙසින් අඩු කර ගැනීම සඳහා පියවර ගනිමින් සිටින," බව ය.

A woman in a kitchen looks at the camera with a neutral expression. She wears frameless glasses and a green hoodie and her dark hair hangs behind her shoulders. Behind her is a washing machine to the left and a vase of yellow flowers is on the worktop beside it.
ඡායාරූප ශීර්ෂ වැකිය, පශ්චාත් උපාධියක් ලබා ගැනීමෙන් පසුව ද ජිංවෙන් යුවාන්ට එක්සත් රාජධානියේ රැකියාවක් ලබා ගැනීමට නොහැකිව තිබේ

බටහිර මිඩ්ලන්ඩ්ස්හි පිහිටි කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය විශේෂයෙන් ම ජාත්‍යන්තර සිසු සිසුවියන්ගෙන් ලැබෙන ආදායම මත යැපෙයි.

අවම වශයෙන් සිසු සිසුවියන් 10,000ක් ඉගෙනුම ලබන ලන්ඩනයෙන් පිටත පිහිටා ඇති එංගලන්ත විශ්වවිද්‍යාල අතරින් 2022-23 වසරවලදී දෙවන වැඩි ම ජාත්‍යන්තර සිසු සිසුවියන් පිරිසක් ඉගෙනුම ලැබුවේ කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ ය.

උසස් අධ්‍යාපන සංඛ්‍යා ලේඛන කාර්යංශය (Higher Education Statistics Agency - HESA) මෑතකදී නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව, එහි සිටි සමස්ත සිසු සිසුවියන් 35,405 දෙනාගෙන් 16,285 දෙනෙකු ම එක්සත් රාජධානියට පිටතින් පැමිණි අය වූහ.

'මට රස්සාවක් හොයා ගන්න බැහැ'

චීනයෙන් පිටත්ව පැමිණීමට පෙර වසර හතක කාලයක් ජිංවෙන් යුවාන්, ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකාරිනියක ලෙසින් සේවය කළා ය. එක්සත් රාජධානියේ ඇතැම් නගරවල වෙසෙන ජනතාවට වඩා වැඩි පිරිසකගේ වාසය සඳහා වන ගොඩනැගිලි ඉදි කිරීම ඇය අතින් එහිදී අධීක්ෂණය කෙරිණි.

කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යාවක වන 30 හැවිරිදි ඇය උසස් ඉංජිනේරු කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක වෙයි. රැකියාවක් ලබාගන්නා තෙක් උපාධිධාරී වීසා මත එක්සත් රාජධානියේ රැඳී සිටීම සඳහා ඇයට පවුම් 3,000ක දීමනාවක් ලැබුණු නමුත්, මේ වන තෙක් ම ඇය රැකියාවක් නොමැතිව කල් ගෙවන්නී ය.

"චීනයේ ඉඳන් ඇවිත් පළවෙනි උපාධිය ගත්ත මගේ පන්තියේ යාළුවො ඔක්කොම මේ වෙනකොට ආපහු චීනයට ගිහින්," ඇය පවසයි.

"ආපහු චීනයට ගියා ම පවුම් 5,000ක් හරි 6,000ක් හරි මගේ මිතුරියට අපේ ආණ්ඩුවෙන් ලැබුණා. ඒත්, එක්සත් රාජධානියේ හිටියොත් ඒ ආණ්ඩුවට පවුම් 3,000ක් ගෙවන්නයි අපට වෙලා තියෙන්නේ. ඒකෙ වෙනස ඔයාට පේනවා ද?"

A young man with a beard and moustache smiles at the camera in a baseball jacket. He looks like he is standing on a university campus, with grey and brown buildings and railings behind him. People walk past behind the railings in the background.
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් රාජධානියේ පවතින රැකියා අවස්ථා නිසා එහි අධ්‍යාපනය ලැබීමට තමන්ට අවශ්‍ය වූ බව ව්‍යවහාරික ජීව විද්‍යාව හදාරන මොහොමඩ් අබ්දුල්ලා සයිඩ් පවසයි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන්දියාවේ සිට පැමිණි 21 හැවිරිදි මොහොමඩ් අබ්දුල්ලා සයිඩ් කියා සිටින්නේ, "පහුගිය දා කරපු වීසා වෙනස්කම් නිසා ශිෂ්‍යයින් වැඩියෙන් මෙහෙ එන එක නවතිනවා," යනුවෙනි.

2024 ජනවාරි මාසයේදී බලාත්මක වූ ශිෂ්‍ය වීසා සීමාවන්ට අනුව, තම පවුලේ සාමාජිකයින් ගෙන්වා ගැනීමේ අයිතිය පශ්චාත් උපාධිධාරී සිසු සිසුවියන්ට අහිමි වන අතර, තම පාඨමාලා කාලය අවසන් වීමට පෙර නවක සිසු සිසුවියන්ට රැකියා වීසා සඳහා අයැදුම් කළ නොහැකි ය.

2023දී පැවති 143,276ක් වූ යැපෙන්නන් සඳහා වන අනුග්‍රහාත්මක අධ්‍යයන වීසා ඉල්ලුම 2024 වන විට 21,978 දක්වා 85%කින් පහත වැටී තිබේ.

තවත් එක් හේතුවක් වන්නේ, ජාත්‍යන්තර සිසු සිසුවියන්ට එක්සත් රාජධානියේ සිසු සිසුවියන්ට වඩා පාඨමාලා සඳහා ගෙවීමට ඇති ගාස්තු වැඩි වීම බව මොහොමඩ් පෙන්වා දෙයි.

එක් එක් පාඨමාලාව අනුව ගෙවීම් වෙනස් වන නමුත්, 2024 සැප්තැම්බර් මාසය වන විට පාඨමාලා බහුතරයක් සඳහා ජාත්‍යන්තර සිසු සිසුවියන්ගෙන් සාමාන්‍යයෙන් පවුම් 16,800 සිට 20,050 දක්වා මුදලක් අය කළ බව කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය පවසයි.ඩ

ඊට සාපේක්ෂව දේශීය සිසු සිසුවියන්ගෙන් අය කර තිබුණේ, පවුම් 9,250කි. එය සැප්තැම්බර් මාසය වන විට පවුම් 9,535 දක්වා ඉහළ යනු ඇත.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම නිසා ඇති වූ බලපෑම කුමක් ද?

යුරෝපා සංගමයට අයත් රටවල සිසු සිසුවියන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවට බ්‍රෙක්සිට් (බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම) මගින් "දැඩි බලපෑමක්" එල්ල වූ බව කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය පවසයි.

මහජන මන්ත්‍රී මණ්ඩලයේ පුස්තකාලයට (House of Commons Library) අනුව, වීසා සුදුසුකම් සහ මූල්‍ය නීතිවලට 2021-22 කාලයේදී සිදුකළ වෙනස්කම් නිසා යුරෝපා සංගමයට අයත් රටවල සිසු සිසුවියන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

2021 අගෝස්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිසු සිසුවියන් ගෙවන ගාස්තු හා සමානව ගෙවීම් කිරීමට යුරෝපා රටවල සිසු සිසුවියන්ට සිදුව ඇති අතර, අමතර අධ්‍යයන කටයුතු සඳහා ණය ඉල්ලුම් කිරීමට ද සුදුසුකම් නොලබති.

Young woman with dyed blonde hair smiles at the camera in a green netted jumper. She wears what looks like three necklaces, one with a heart on. She is standing on what appears to be a university campus with grey and brown buildings in the background, behind some railings. In the background, a parked car is visible to the right and blurred figures stand on the top of steps to the left. The sky is blue with white clouds in.
ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේදී ස්පාඤ්ඤයෙන් පැමිණෙන සිසු සිසුවියන් සංඛ්‍යාව අඩු වූ බව ලෝරා අලොන්සෝ කියයි

ලෝරා අලොන්සෝ, කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයෙන් ජාතන්තර සබඳතා පිළිබඳව හදාරන සිසුවියකි.

ස්පාඤ්ඤයේ සිටි පැමිණි 21 හැවිරිදි ඇය පවසන්නේ, "විශේෂයෙන් කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ ගොඩක් විදෙස් පුද්ගලයින් සහ විදෙස් සිසු සිසුවියන් ඉන්නවා. ඒ නිසා නිතර ම හොඳ පිළිගැනීමක් ලැබෙන බව දැනෙනවා," යනුවෙනි.

නමුත්, Erasmus+ වැඩසටහනින් එක්සත් රාජධානිය ඉවත්ව යාම නිසා ස්පාඤ්ඤ සිසු සිසුවියන් විශාල පිරිසක් ඉන් ඉවත් වූ බව ඇයගේ විශ්වාසය යි.

ඒ වෙනුවට හඳුන්වා දුන් Turing යෝජනා ක්‍රමය මගින් එක්සත් රාජධානියෙන් ගොස් විදේශ රටවල අධ්‍යයන කටයුතු කිරීමට හෝ රැකියාවක නියැලීමට හෝ අරමුදල් සපයන නමුත්, එක්සත් රාජධානියට පැමිණෙන ජාත්‍යන්තර සිසු සිසුවියන්ට එවැනි සහයක් නොලැබෙයි.

ජාත්‍යන්තරයෙන් ලැබෙන සමස්ත වීසා සඳහා වන ඉල්ලුම තුනෙන් එකක ප්‍රමාණයකින් පහත වැටී ඇති නමුත්, විශ්වවිද්‍යාල හා විදුහල්වලට ඇතුළත්වීමේ සේවය (University and Colleges Admissions Service - UCAS) හරහා එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීම සඳහා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

2024 සහ 2025 කාලයේදී ජාත්‍යන්තර උපාධි අපේක්ෂක ඉල්ලුම්පත් සංඛ්‍යාව 2.7%කින් ඉහළ ගොස් ඇති බව විශ්වවිද්‍යාල හා විදුහල්වලට ඇතුළත්වීමේ සේවය (UCAS) කියයි.

කෙසේ වෙතත්, විද්‍යාල සහ විශ්වවිද්‍යාල හරහා ඍජුව ම අයැදුම් කරන සිසු සිසුවියන් හෝ පශ්චාත් උපාධි පාඨමාලා සම්බන්ධයෙන් හෝ UCASහි සංඛ්‍යා ලේඛනවලට ඇතුළත්ව නැති හෙයින් මෙය සමස්ත තත්ත්වය නියෝජනය නොකරයි.

ජාත්‍යන්තර සිසු සිසුවියන්ගේ ප්‍රවේශය සමස්තයක් ලෙස පහත වැටීම කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්ත්වයට බලපෑමක් එල්ල කර ඇත. පසුගිය දා එහි සේවක සේවිකාවන් සිය ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවා උද්ගත විය.

මෙම වෙනස නගරයේ සමස්ත ආර්ථිකයට ද බලපෑමක් ඇති කිරීම විමතියට කරුණක් නොවේ.

උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති ආයතනය (Higher Education Policy Institute) පිළිබඳව කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ විශ්ලේෂණයට අනුව සහ කප්ලාන් ජාත්‍යන්තරයේ (Kaplan International) සංඛ්‍යා ලේඛනවලට අනුව, ජාත්‍යන්තර සිසු සිසුවියන්ගෙන් නගරයේ ආර්ථිකයට වාර්ෂිකව පවුම් මිලියන 651ක් ලැබේ.

University accommodation building, grey with rectangular windows and a brown building with two curves above this. The backdrop is of blue sky and sun.
ඡායාරූප ශීර්ෂ වැකිය, කවෙන්ට්‍රිහි නිවාස වෙළෙඳපොළෙහි වෙනසක් සිදුව ඇති බවට දේපළ වෙළෙඳ නියෝජිතයින් නිරීක්ෂණය කර ඇත.

විදේශීය සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව පහත වැටී ඇති බවට ඇති එක් සංඥාවක් වන්නේ, සිසු සිසුවියන්ගේ වාසය සඳහා ම ඉදි කර තිබෙන ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් ම නේවාසික භාවිතය සඳහා වෙනස් කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවකි.

එමෙන් ම, සිසු සිසුවියන්ගේ භාවිතය සඳහා අනුමත කර ඇති ගොඩනැගිලි සංඛ්‍යාව විවාදයට තුඩු දී ඇති අතර, ඇතැම් නේවාසිකයින් වෙනස්කම් සැලසුම් කිරීමට විරෝධය පළ කර තිබේ.

ජාත්‍යන්තර සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් නිවාස හිමියන් තම නිවාස විකුණා දැමීමට පෙළඹී සිටින බව දේපළ වෙළෙඳ නියෝජිතයෝ පවසති.

අධ්‍යාපනයට ඇති ඉඩකඩ පුළුල් කිරීම පිළිබඳව ආඩම්බර වන බව කවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය පවසයි. "අපගේ මෙහෙවර සහ වටිනාකම් ජාතික සීමාවන් තුළ සීමා කිරීම නුසුදුසු දෙයක් වනු ඇත."

"වසර ගණනාවක් තිස්සේ එක්සත් රාජධානියේ උපකාරක පන්ති ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යන බවට ඇති මතයට එරෙහිව කටයුතු කිරීම සඳහා ආදායම් විවිධාංගීකරණය කිරීමේ අපගේ දිගුකාලීන උපාය මාර්ගය සාර්ථක වී ඇති අතර කළ යුතු නිවැරදි දෙය ද එය යි."

"අවුරුදු ගණනාවක් තිස්සේ සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව නොනවත්වා වර්ධනය කර ගැනීමෙන් අපට රැකියා අවස්ථා බොහොමයක් උත්පාදනය කිරීමටත්, ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ වැඩි කිරීමටත් හැකි විය. දැන් අප කළ යුත්තේ, අපගේ පාලනයට පිටතින් බාහිරව සිදුවූ වෙනස අනුව ආයතනය නැවතත් සමබර කර ගැනීම යි."

ආණ්ඩුව පවසන ආකාරයට එහි සංක්‍රමණය පිළිබඳ ධවල පත්‍රිකාව මගින් "කඩා වැටී ඇති අපගේ සංක්‍රමණික පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ පුළුල් සැලසුමක් සකස් කරනු ඇත. එමගින් සංක්‍රමණය, කුසලතා සහ වීසා ක්‍රමය එකිනෙකට සම්බන්ධ කර ගනිමින් අපගේ දේශීය ශ්‍රම බළකාය වර්ධනය කර ගැනීම, විදේශීය ශ්‍රමය කෙරෙහි ඇති යැපීම අවසන් කිරීම හා ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සිදු කෙරේ."

Universities UK හි ප්‍රධාන විධායක නිලධාරී විවියන් ස්ටර්න් පවසන්නේ, අරමුදල් පිළිබඳ ගැටලුව හේතුවෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට දී ඇති විකල්ප අවස්ථා අඩු කෙරෙන බවත්, සිසු සිසුවියන්ගේ සංඛ්‍යාවෙහි පහළ යාම සමාජයට අහිතකරව බලපා ඇති බවත් ය.

"දේශීය ව්‍යාපාර වන සාප්පුවලදී හා ආපනශාලාවලදී මුදල් වියදම් කිරීම, හිසකෙස් කපා ගැනීම සහ කුලී රථ භාවිතය වැනි දේ වෙනුවෙන් මුදල් වැය කරන සිසු සිසුවියන් ගෙන්වා ගැනීමට විශ්වවිද්‍යාල කටයුතු කිරීමෙන් සෑම ස්ථරයක ම පුද්ගලයින්ට යහපත සැලසී තිබෙනවා."

"සැබෑ ලෙසින් ම එය එක්සත් රාජධානිය පුරා ඇති සෑම ආර්ථිකයකට ම දායකත්වය සපයනවා. මට හිතෙන විදිහට ඒක ඉතා ම වැදගත්."

අතිරේක වාර්තාකරණය: ජොනතන් ෆැග් සහ මිගුවල් රොකා-ටෙරී